01.තිලෝචන යෝගය - රවි සඳු ගුරු යන ග්‍රහයින් එකිනෙකට එකිනෙකාගෙන් ත්‍රිකෝණව පිහිටිමයි
විරුද්ධවාදීන් භීතියට පත් කරනු ඇත. ධන බලය මානසික තත්වය බුද්ධිය නිසා සතුරු බල සේනා පරාද කරවනු ඇත. නිරෝගියි. ධනවත් වෙනු ඇත. උදා: රවි 01 ගුරු 06 සදු 09
02.ගෞරි යෝගය - 09 වැන්නාධිපතියා ප්‍රබලව ශක්තිමත්ව කේන්දරස්ථානයේ ත්‍රිකෝණව පිහිටිමයි.
උපත වැදගත් පරිසරයකයි. ඉඩකඩම් දේපල සතුවෙයි. විවාහකරුගෙන් මිතුරන්ගෙන් ඥාතින්ගෙන් නිසි ගරුත්වය හිමි වෙයි. යහපත් දරුවන් සමාජයේ උසස් තැන හිමිකර ගනියි.
03.ධන යෝගය - කටක ලග්නයේ ලග්නාධිපතියා ලග්නයේ පිහිටා කුජ ගුරු සංයෝග වීමයි. නැත්නම් දැක්මයි. සඳු ගුරු ලග්නයේ කුජ 07 වැන්නේය. ධන යෝග නමින් වු මෙම ග්‍රහ සංයෝගයට ධනය සම්බන්ධ වෙයි. සිතන්න බැරිතරම් ධනයකට උරුමයකට හිමිකමක් ලැබෙනු ඇත.
04.චමර යෝගය - ලග්නාධිපතියා කේන්දරස්ථානයක උච්චව සිටින අතර දී ගුරු ග්‍රහයාගේ දැක්මට අසුවීමයි. උගත් චතුර කථාවයි. කථිකත්වයට සහජ හැකියාවයි. ආගමික කරුණු පිලිබඳව දැනුමයි. ඒ පිලිබඳව ප්‍රසිද්ධියට පත්වෙයි.
04.චමර යෝගය - ලග්නාධිපතියා කේන්දරස්ථානයක උච්චව සිටින අතර දී ගුරු ග්‍රහයාගේ දැක්මට අසුවීමයි. උගත් චතුර කථාවයි. කථිකත්වයට සහජ හැකියාවයි. ආගමික කරුණු පිලිබඳව දැනුමයි. ඒ පිලිබඳව ප්‍රසිද්ධියට පත්වෙයි.
05.භාරතී යෝගය - 02 05 11 අධිපතියෝ 09වැන්නාධිපති සමගින් උච්ච වී සිටීමෙන් මෙම යෝගය යෙදේ. රූමත්බව, ශ්‍රියාව, ඉගෙනුමට හැකියාව, ප්‍රසිද්ධිය ලබයි, ශුභ පිහිටිමකි.
06.කුසුම යෝගය - ලග්නයේ ගුරු ද 07 වැන්නේ සඳුද 02 වැන්නේ රවි ද පිහිටිමෙන් මෙම යෝගය යෙදේ. ප්‍රසිද්ධියට පත්විම සහ ධනවත් වෙයි.
07.සත්සාගර යෝගය - සියළුම කේන්දරස්ථානයන් හි ග්‍රහයින් පිහිටීමෙන් මෙම යෝගය යෙදේ. චරිතවත්වීම, ආයුෂ, යහපත් විවාහ සහ ඵලදායි දූදරුවන් ප්‍රසිද්ධියට පත්විම.
08.යුප යෝගය - රාහු කේතු හැර සියළුම ග්‍රහයින් ලග්නයේ සිට යාබදව රාශි හතරක ස්ථාන ගතවීම. බාලකාලයේ සිටම ජිවිතයේ බොහෝ අවස්ථාවල නිදහස් මත දරයි. නිතර මිනිස්සුන්ට උපකාර කරන අතර දැරිය නොහැකි තරමට දානමය පින්කම් වැනි දෙයට උපකාර කරයි.
09.බ්‍රහ්ම යෝගය - 09 වැන්නාධිපතියාගෙන් ගුරු කේන්දරස්ථානයෙන් ද 11වැන්නාධිපතියාගෙන් සිකුරු කේන්දරස්ථානයෙන් ද ලග්නාධිපතියාගෙන් බුධ කේන්දරස්ථානවද පිහිටිමයි. විවිධ රස ඇති සැපවත් ආහාරයෙන් සතුටට පත්වෙනු ඇත. බාල අවධියේ සිටම දැනුම නුවණ බුද්ධිය පිලිබඳව සමාජයෙන් ගරු ලබනු ඇත. ආයුෂ හිමියි. අනුන්ට උපකාර කිරීමෙන් සතුටට පත්වෙයි.

Comments
Post a Comment