Skip to main content

ඔබත් ඉක්මන් විවාහ සැපතට හිමිකරුවෙක් ද?


සමහරෙකුට වස්තුව, ධනය, රූමත්කම, උගත්කම තිබුනද විවාහ දිවිය අහිමිව ඇත. ලාබාළ වයසින් විවාහයට පත්ව සාර්ථක විවාහ ජිවිතය ගෙනියන්නෝ ද, සාමාන්‍ය වයස් සිමාවේ දී පොදු සම්මත කාලසිමාවේ දී විවාහයට ගිවිස ගන්නෝ ද, තරුණ විය ඉක්මවා යමින් සිටිය දී විවාහවන්නෝ ද, අද අප අතර සිටිත්. කෙසේ වුවද දෙදෙනෙකුගේ විවාහ දිවිය සාර්ථක වන්නට දෙදෙනා අතර සැකයෙන් තොර අන්‍යෝන්‍ය විශ්වාසය, බැඳීම, සතුට, සාමය, සමගිය පවත්වා ගැනිම, ආර්ථික වර්ධනය උදෙසා මනා කළමනාකාරිත්වය, දරු සම්පත් ලබා ගැනිම, නිරෝගී බව රැකගැනිම, විවාහ ගිවිස ගන්නා දෙදෙනාටම වඩාත්ම වැදගත් වෙයි.

විවාහයක දී සිකුරු සමගින් කුජ ග්‍රහයා ප්‍රධාන මෙහෙවරක් ඉටු කරනු ඇත. එසේම ගුරු ග්‍රහයාගෙන් ද මහත් පිටුවහලක් ලැබෙයි. සඳු ග්‍රහයාගේ බලය අනුව විවාහය සම්බන්ධව සිතුවිලි ඉක්මන් කරවනු ඇත. එසේම කේන්දරයේ කුජ, සිකුරු, ගුරු, සඳු බලවත්ව පිහිටියේ නම් නිසි වයසේ දී යහපත් සුබ විවාහයට හේතුකාරක වෙයි. කුජ/සිකුරු ග්‍රහයා කටක රාශියේ ද විවාහ ඉක්මන් වෙනු ඇත.

  1. ලාබාළ වයසේ විවාහයක දි සිකුරු කේන්දරස්ථානගතව සහ ත්‍රිකෝණව පිහිටීම ඉක්මන් විවාහයට මග සලසයි.
  2. 07වැන්නාධිපතියා 11 වැන්නේ ද සිකුරු 02 වැන්නේද ඉක්මන් විවාහයයි.
  3. 07වැන්නාධිපතියා සුබ රාශියක සිටිය දි සිකුරු බලවත් ව තමාගේම නැකතක වුයේ ද ලාබාළ ඉක්මන් විවාහයයි.
  4. 07පතියා සිකුරු සමගින් ද 07 වැන්නේ රවි ද ඉක්මන් විවාහ සැපයි.
  5. 02වැන්නාධිපතියා 11 වැන්නේ ද 11 වැන්නාධිපතියා 02 වැන්නේ ද ඉක්මන් විවාහයයි.
  6. 02වැන්නාධිපතියා කුජ ග්‍රහයා සමගින් ද සිකුරු 02 වැන්නේ සිටිය දී ඉක්මන් විවාහයයි.
  7. 02වැන්නාධිපතියා 11 වැන්නේ ද ලග්නාධිපතියා 10 වැන්නේ ද කල් නොගොස් ඉක්මන් විවාහයයි.
  8. ලග්නාධිපතියා මකර, කුම්භ රාශියේද සිකුරු 01, 04, 07, 10 පිහිටි නම් ලාබාල වයසේ විවාහයයි.
  9. සිකුරු කේන්දරස්ථානගත ව සිකුරුගෙන් 07 වැන්නේ සෙනසුරු නම් ඉතාම අඩුවයසින් විවාහවෙයි (ශනිට සිකුරු දැක්ම පාපවීම පාප දැක්ම පමාවයි).
  10. සිකුරු කුජ සංයෝගව හෝ කුජ සිකුරුගේ රාශියේ නැත්නම් නවාංශකයේද සිකුරු කුජගේ රාශියේ නැත්නම් කුජගේ නවාංශකයකද ඉක්මන් විවාහ සැපතයි.
  11. 02 වැන්නාධිපති සහ 11 වැන්නාධිපති සංයෝගව 10 වැන්නේ ද ඉක්මන් විවාහයයි. මෙම පිහිටීමට ලග්නාධිපතියා එක්වීම  විවාහයෙන් පසු වාසනාවයි.
  12. කේන්දරයේ කුජ සඳු සංයෝග නම් ලාබාල වයසේ විවාහයයි.
  13. තුලා ලග්නයේ සිකුරු ග්‍රහයා ත්‍රිශාංශකයේ උපත ලබා සඳු ග්‍රහයා තුලාවේ හෝ වෘෂභයේ පිහිටි නම් ලාබාළ වයසේදී විවාහයට පත්වෙයි.
  14. කේන්දරයේ  නවාංශාධිපතියා ලග්න කේන්දරයේ 07 වැන්නේ ද බාල වයසින් ම විවාහයයි.
  15. වෘෂභ ලග්නයේ 07 වැන්නාධිපති කුජ සමගින් රවි සංයෝගය ද සඳු ලග්නයේ ද ඉක්මන් විවාහයයි.

කේන්දරයේ සිකුරුගේ සංයෝග අනුව ලබා දෙන විවිධ විවාහ සැප

විවාහයක දී සිකුරු ග්‍රහයා නොනිමි මෙහෙවරක් ඉටුකරනා සුබ ග්‍රහයෙකි. සෞම්‍ය ස්ත්‍රි ග්‍රහයෙක් වන සිකුරු ගුරුගේ පුත්‍රයා යයි ද ජ්‍යෙතිෂයේ කියැවේ. ආදරය, ප්‍රේමය, කරුණාව, ලස්සන ගති, පිරිසිඳුකම, යහපත් විවාහය, සැප, සතුට, විනෝදය, කලාව, සිනමාව පෙන්වන අතර සිය සුබ පලඳීමෙහි ලා ප්‍රධාන තැනක් ගනියි. එසේම කේන්දරයේ සිකුරු අනෙකුත් ග්‍රහයින් සමග සංයෝග අනුව විවාහයේ දි විවිධකාරවු විවාහ සැප සහ දුක, වේදනාව හිමිකර දෙන බව පැහැදිලිව පෙනෙයි. ඒ අනුව -----


  • සිකුරු සමගින් සඳු ග්‍රහයා කේන්දරයේ 04 වැන්නේ සුබ සංයෝගව පිහිටීමෙන් සැපවත් විවාහයක් ලබාදෙයි.
  • සිකුරු සඳු සමගින් හෝ 10 වැන්නේ සිකුරු රවි සමගින් නම් විනෝදකාමී විවාහයක් ලබා දෙනු ඇත.
  • සිකුරු රවි සංයෝගයෙන් 05 09 වන ත්‍රිකෝණස්ථානයේදි ඔබට කළාකාමී විවාහයකට ඉඩ සලසනු ඇත.
  • සිකුරු කුජ සංයෝගයෙන් 05 09 වු ත්‍රිකෝණස්ථානයේ දි අධිකාමුකව රාගයෙන් මත් වු විවාහයකි.
  • සිකුරු සමගින් රාහු සංයෝගය 03, 04, 06, 07, 08, 12 වැන්නේ පිහිටීමෙන් විවාහය අවුල් ජාලාවකි.
  • සිකුරු සමගින් සෙනසුරුද 04 වැන්නේ ද  සැප නැති, දුක වේදනාව උරුම වු නිරස විවාහයකි.
  • සිකුරු සමගින් කේතුද 10 වැන්නේ සංයෝගයෙන් ද සැප නැති, දුක වේදනාව උරුමවු නිරස විවාහයකි.
  • සිකුරු සමගින් සෙනසුරු ලග්නගතව පිහිටීම හේතුවෙන් විවාහය අපා දුකකි. විවාහයෙන් පසුතැවිලි වෙනු ඇත.


01. 04 වැන්නේ සුබව සිකුරු සමගින් සඳු පිහිටීමෙන් සැපවත් විවාහයක් ගෙන දීමට සිකුරු සමත්වේ. විවාහය රසවත්වන අතර 04 වැන්නේ සිකුරු සඳු දිග් බලයෙන් යුක්ත වෙයි. 04 වැන්නෙන් නිරූපනය වන්නේ සිතයි. සඳු ග්‍රහයා සිතුවිලි වලට අධිපතියාවේ. තමා දන්නා අයෙක් සමගින් විවාහ වෙනු ඇත. දෙදෙනා අතර අවබෝධය විශ්වාසය ඇති වෙයි. වාසනාවන්ත විවාහයකි. එසේම ලස්සන නිවසක් ද හිමිවෙනු ඇත. කායික මානසික සුවය සැප ලබයි.

02. 10 වැන්නේ සුබව සිකුරු සඳු සමගින් හෝ සිකුරු රවි සමගින් සංයෝගයෙන් විනෝදකාමී සැපවත් විවාහයකට මුලපුරනු ඇත. දෙදෙනා නිතරම විනෝදයෙන් සතුටින් කාලය ගෙවයි. කායික ලිංගික සංසර්ගයේදි දෙදෙනා මනා අවබෝධයෙන් යුතුව උපරිම සැප සමගින් විනෝදයෙන් කටයුතු කරයි.

03. 05 සහ 09 වැන්නේ සිකුරු රවි සංයෝගයෙන් විවිධ විලාසිතා අනුගමනය කරයි. නිවාස පරිසරයද, යහපත් විවාහයද, කලාවට හා විනෝදයට මෙන්ය. කායික සහ මානසික සැප ඉහලයි. සංසර්ගයේදි දෙදෙනා හඳුනා ගෙන ඉක්මන් නොවී නිවිසැනසිල්ලේ සැප ගනු ඇත. එසේම දෙදෙනා නිතර සංචාරයට, විනෝද ගමනට කැමැත්ත දක්වයි.

04. 05 09 සිකුරු කුජ සංයෝග පිහිටීම යහපත් වන අතර අතිධාවනකාරි වුවද මේ දෙදෙනා ම බලවත් බැවින් රිසි සේ සැප ගැනියි. අනියමට නොයනු ඇත. රාගයෙන් මත් වු විවාහයකි.

05. සිකුරු රාහු ලග්නයේ පිහිටිම අවුලකි. විනාශයයි. දෙදෙනා අන්‍යෝන්‍ය විශ්වාසයෙන් තොරව සැකයෙන් කටයුතු කිරිම හේතුවෙන් ද දුරදක්නා නුවණ නැති කමින් ද ගිය ගිය තැන සබඳතා ඇතිකර ගැනිමෙන් අවුලෙන් අවුලට පත්ව දෙදෙනා විරසකව කරවයි. සිකුරු රාහු කේන්දරයක සංයෝගය බොහෝ දුරට  01 03 04 06 07 08 12 පිහිටිම අසුබයි. සිකුරු රාහු කේන්දරයේ සංයෝගය 04 වැන්නේ දි අධිකාමුකභාවය හේතුවෙන් සැහීමට පත් නොවී අනියමට පිටස්තරයට යනු ඇත. සිකුරු රාහු 07 වැන්නේද විවාහ දිවිය අවුල් කරවයි. අනියමට යනු ඇත. අසාර්ථක විවාහයයි. නිතර සැප මදි යයි සිතයි, තැවෙයි.

06. සිකුරු කේතු 10 වැන්න තම හැඟීම් වලට ආශාවනට නොගැලපෙන බව පෙනෙයි. කායිකව  සහ මානසිකවද සැප නැති දිවියකි. ඔහු කොතරම් වේගකාරි වුවද ඇය දකින්නේ මන්දගාමී ස්වරූපයයි. දුක වේදනාව උරුම වු සැප නැති දුක් ජිවිතයකි. නමුත් චරිතය රහසිගතවයි. සිකුරු ශනි 04වැන්න නිසා ලබන්නේ වයසින් වැඩි අයෙක් නිසා සැප පලා යයි. අනියමට හෝ රහස් සබඳයට ඉඩ ඇත.

07. සිකුරු ශනි ලග්නයේ පිහිටිමයි. වැන්දඹු හෝ දික්කසාද අයෙක් සමගින් වු විවාහය ටික කලකින් දෙදෙනා අතර මතභේද ඇති වී විරසක වෙයි. සැප හීනවෙයි. මෝඩකමට කරගත් විවාහයක් යයි පසුව දැන පසුතැවිලි වෙනු ඇත.

    Comments

    Popular posts from this blog

    ඔබගේ කේන්දරයේත් මෙම යෝග තියෙනවාද ? ඔබ නොදන්නා යෝග හඳුනා ගන්න.

    01 . තිලෝචන යෝගය - රවි සඳු ගුරු යන ග්‍රහයින් එකිනෙකට එකිනෙකාගෙන් ත්‍රිකෝණව පිහිටිමයි විරුද්ධවාදීන් භීතියට පත් කරනු ඇත . ධන බලය මානසික තත්වය බුද්ධිය නිසා සතුරු බල සේනා පරාද කරවනු ඇත . නිරෝගියි . ධනවත් වෙනු ඇත . උදා : රවි 01 ගුරු 06 සදු 09 02 . ගෞරි යෝගය - 09 වැන්නාධිපතියා ප්‍රබලව ශක්තිමත්ව කේන්දරස්ථානයේ ත්‍රිකෝණව පිහිටිමයි . උපත වැදගත් පරිසරයකයි . ඉඩකඩම් දේපල සතුවෙයි . විවාහකරුගෙන් මිතුරන්ගෙන් ඥාතින්ගෙන් නිසි ගරුත්වය හිමි වෙයි . යහපත් දරුවන් සමාජයේ උසස් තැන හිමිකර ගනියි . 03.ධන යෝගය - කටක ලග්නයේ ලග්නාධිපතියා ලග්නයේ පිහිටා කුජ ගුරු සංයෝග වීමයි . නැත්නම් දැක්මයි . සඳු ගුරු ලග්නයේ කුජ 07 වැන්නේය . ධන යෝග නමින් වු මෙම ග්‍රහ සංයෝගයට ධනය සම්බන්ධ වෙයි . සිතන්න බැරිතරම් ධනයකට උරුමයකට හිමිකමක් ලැබෙනු ඇත . 04 . චමර යෝගය - ලග්නාධිපතියා කේන්දරස්ථානයක උච්චව සිටින අතර දී ගුරු ග්‍රහයාගේ දැක්මට අසුවීමයි . උගත් චතුර කථාවයි . කථිකත්වයට සහජ හැකියාවයි . ආගමික කරුණු පිලිබඳව දැනුමයි . ඒ පිලිබඳව ප්‍රසිද්ධියට පත්වෙයි . 05 . භාරතී යෝගය - 02 05 11 අධිපතියෝ 09වැන්නා...

    නැකතෙන් කියැවෙන ස්ත්‍රියගේ ගති පැවතුම්

    ජන්මියෙකු මෙලොව ඉපදෙන විට යම් නැකතකට අයත් වෙයි. නැකත් පන්තිය ගණනින් 27ක් වන අතර ඒ ඒ නැකත් අනුව ස්ත්‍රින්ගේ ගතිපැවතුම් සහ ක්‍රියා පිළිවෙත් ද එකිනෙකට වෙනස් වෙයි. කේන්දරයකට හෝ නැකතකට හෝ අයහපත් ගති අපල කියු පමණින්ම ඒ මතයේම නොසිට තමාගේ යහපත් ගති වැඩිදියුණු කර ගැනීමට හා පවතින හානි අවම කර ගැනිමට අපේ උගත් ස්ත්‍රියකට බුද්ධිය නුවණ ඇති අතර මේ ලබන්නාවු සිංහල අවුරුදු සමයේ දී ඔබගේ යම් යම් අඩු පාඩු ගති මගහරවා ගෙන ජීවිතය යහපත් ලෙස වැඩි දියුණු කර ගැනීමට අවස්ථාවක් මේ ලිපියෙන් ලැබෙනු ඇත. අස්විද නැකත අස්විද නැකතෙන් උපන් ස්ත්‍රිය ලස්සනයි. රන් ආභරණයට කැමැති යහපත් ප්‍රිය වචන කතා කරයි. ධනවත්ය. මාපිය උපකාර හිමි ඇය සැම දෙනා සමගින් සතුටින් සිටීමට උත්සාහ දරයි. පිරිසිඳුකම අගයන අතර දැහැමියි. විවාහයේදි සැමියාට දරුවන්ට මහත් ආදරය දක්වනු ඇත. අස්විද නැකතේ සංස්කෘත නාමය “ අශ්විනි ” වන අතර නැකතට අධිපති දේවතාවා “ අශ්විනි කුමාර ” නමින් හැදින්වෙයි. බෙරණ නැකත බෙරණ නැකතෙන් උපන් ස්ත්‍රිය ගේ සිත චංචලයි. දුෂිතයි. ධන හීනයි. අපිරිසිඳුයි. කළහයට නිතර කැමැත්ත දක්වයි. විවිධ රසවත් ආහාරයට කැමැතියි. අපහාස නින්දාව ලබයි. ...

    නව නිවසක් සැදීමේදී උපදෙස්…….

    අළුතෙන් නිවාසයක් තැනීමේ දී වාස්තු විද්‍යානුකුලව යම් යම් චාරිත්‍රයන් අනුගමනය කිරීමට අපට සිදුවෙයි . මෙම චාරිත්‍ර සිරිත් අද ඊයේ ආරම්භ වුවාක් නොව ඈත අතීතයේ සිටම පැවැත ආ බව ඉතිහාසය සාක්ෂි දරයි . නව නිවසක් තැනිමේ දි ප්‍රධානතම කාර්යය වන්නේ සුදුසු කාලයේ දි පමණක් නිවාස තැනීමයි . සෑම මාසයකම නැකත් සහ ශුභ කාලයන් තිබුන ද නිවාස කටයුතු ආරම්භ කළ නොහැක . සමහරෙක් මෙම චාරිත්‍ර සිරිත් නොතකා නිවාස සැදීමට ගොස් පසුව නිවාස සැදීම අත්හැර දමති , අත්තිවාරමට පමණක් සිමා වු නිවාස ද , අඩක් නිමකළ නිවාස ද , වල්බිහි ව අත්තිවාරම වැසෙන සේ ගස් කොලන් බිහි ව ඇති නිවාස ද මේ අතර වෙයි . මෙම දෝෂ ඇති නිවාස ආරම්භ දෝෂ යනුවෙන් වාස්තු විද්‍යාවේ හදුන්වයි . සුර්යයා මීන මිථුන කන්‍යා ධනු රාශිවල ගමන් කරනා කාළය කෝණ මාස යනුවෙන් හැදින්වෙයි . මෙම කාලයේ නිවාස ඉදිකිරිම් කටයුතු නොකරයි . යමෙක් මෙම කෝණ මාසයේ නිවාස වැඩ ආරම්භ කරයි ද , අතරමග ඇන හිටිනු ඇත . නිවසේ අය අසනිප විම , ණයවීම ණය ගෙවා ගැනීමට තිඛෙන නොහැකියාව , නිවාස සාදන කම්කරුවන් සේවකයින් වැඩට නොපැමිනීම ආදි හේතුන් අළුතෙන් සාදන නිවස ස්ථිරත්වයට පත්වීමට බාධා ඇති වෙයි . මීන ක...