මේෂ ලග්නය - ඉගෙනුම් කටයුතුවල නියුතු අයට මෙම මාසය සුබයි. තරඟ තුරඟයන්හි ජය හිමියි. මුදල් සම්බන්ධ කටයුතු කිරිමේ දී සහ හවුල් කටයුතු වලදී ප්‍රවේශම් වීම යහපත්. වැය පස ඉහල යයි. විවාහ සම්බන්ධව ඉක්මන් තීරණ ගැනිම නුවණට හුරු නැත. ඔබේ ඉදිරි කටයුතු සැලසුම් සහිතව කරන්නේ නම් සුබපල මෙම මාසය තුලදි හිමිවෙනු ඇත.
වෘෂභ ලග්නය - ඉගෙනුම කටයුතු නිරත අයට මෙම මාසය යහපත්. මිතුරු සහ ඥාති සබඳතාවන්ට සුබයි. එදිනෙදා වැඩ කටයුතු වල කාර්යබහුලතාව හේතුවෙන් සෞඛ්‍ය පද්ධතියට හානිදායකයි. රැකියාවේදි උසස්වීම සහ ස්ථාන මාරුවීම ඇතිවෙයි. ආදර හා විවාහ කටයුතු වලදී බාධා ඉවත් වෙනු ඇත.
මිථුන ලග්නය - ඉගෙනුම කටයුතුවල නිරත අයට මෙම මාසය සුබයි. කරදර බාධා මැඩගෙන අරමුණු ඉටු කරගත හැකි මාසයකි. ගමන් බිමන් බහුලව යෙදෙන අතර වැය පස ඉහල යයි. රැකියා කටයුතු යහපත්. විදෙස් ගමන් සුබයි. ආදර කටයුතු වලදි වෙන්වු අය නැවත ලගා වීමද, විවාහ සබඳතා යහපත් මෙන්ම අවිවාහක අයට මංගල යෝජනා ද ඉදිරිපත් වෙනු ඇත.
කටක ලග්නය - ඉගෙනුම කටයුතු නිරත අයට මෙම මාසය සිය සහජ දක්ෂතාවය ඔප්පු කළ හැකි වෙයි. උත්සාහයේ තරමට ප්‍රතිඵල හිමි මාසයකි. ආර්ථිකය ශක්තිමත් වන අතර හදිසි ධන වාසියට ඉඩ ඇත. රැකියා දියුණුවෙයි. ආදර කටයුතු වලදි විරුද්ධ ලිංගිකයන්ගේ නුසුදුසු ඇසුර නිසා සමාජ අපවාදයට ඉඩ ඇත.
සිංහ ලග්නය - ඉගෙනුම කටයුතු නිරත අයට මෙම මාසය ඉතාම සුබයි. ජය හිමි මාසයකි. සම්මුඛ පරික්ෂණ වලට සුබයි. ආගම දහමට ලැදි සිත් පහල වන අතර පිය පස ඥාති උපකාර හිමියි. ආදර කටයුතු පිලිබඳ සිතුවිලි බහුල වන අතර රහස් ගමන් වලදි අනතුරු සහිතයි.
කන්‍යා ලග්නය - ඉගෙනුම කටයුතු වල නිරතවීමට බාධා ඇතිවෙන්නේ අනවශ්‍ය දෙයට පමණ ඉක්මවා කාලය ගතවීම නිසාවෙනි. ව්‍යාපාර ගනුදෙනු වාසිදායකයි. දුරස්ථ ගමන් හේතුවෙන් විවිධාකාරවු හිතවතුන් සහ හිතවතියන් හමුවෙයි. ආදර සබඳතාවන් සාර්ථක නිසා සතුට සැප හිමි මාසයකි.
තුලා ලග්නය - ඉගෙනුම කටයුතු යහපත් මනස නිරවුල් නිසා සියල්ල යහපත් වෙනු ඇත. උත්සාහයේ පමණට ඵල ලැබෙනු ඇත. වැය සීමා කරන්නේ නම් තවත් ආර්ථිකය ශක්තිමත් වෙනු ඇත. හවුල් කටයුතු ප්‍රවේශමෙන් ආදර සහ විවාහ කටයුතු වලට යම් යම් බාධා ඇති වුවද අවසානය යහපත් නිරෝගිමත් මාසයකි.
වෘශ්චික ලග්නය - ඉගෙනුම කටයුතු සහ පොතපතට වැඩියෙන් සිත යොමුවීමෙන් ජය හිමියි. හවුල් කටයුතු සහ ගනුදෙනු අවදානම් ගමන්බිමන් වලදී ප්‍රවේශමෙන් වැය පස ඉහල යනු ඇත. රැකියාවේ කරදර හදිසි තීරණ පසුවට පීඩාකාරි වනු ඇත. දුරදක්නා නුවණින් සිහිබුද්ධියෙන් සැලසුම්කර කටයුතු කිරීම යහපත් විදෙස් ගමන් රැකියා සාර්ථකයි.
ධනු ලග්නය - ඉගෙනුම කටයුතු සිතැඟි පරිදි කරගෙන යාමට හැකි මාසයකි. ආර්ථිකය යහපත් ස්වයං රැකියා ආරම්භයට යහපත් වන්නාසේම බාධා මගහැරෙනු ඇත. විදෙස් රැකියා ගමන් ද සාර්ථකයි. ආදර කටයුතු වලින්ද තෘප්තිමත් විය හැකි මාසයකි. සිතේ සතුට සහනය රැඳී පවතිනු ඇත.
මකර ලග්නය - ඉගෙනුම කටයුතු වලදි උදාසීන ගති හැරදමා තවත් උනන්දුව වැඩි කරන්නේ නම් ප්‍රතිඵල යහපත් වෙනු ඇත. ආර්ථිකය යහපත්. ස්වයංරැකියා හෝ නව රැකියා ලැබීමට ඉඩ ඇත. පරීක්ෂණ සුබයි. හදිසි ධනයට වුවද ඉඩ ඇත. විදෙස් රැකියා ගමන් යහපත්. ආදර කටයුතු නිසා සිත් වේදනාවන්ට ඉඩ ඇත. මිතුරු ඇසුර කල්පනාවෙන්.
කුම්භ ලග්නය - ඉගෙනුම කටයුතුවලට බාධාකාරී වෙනු ඇත. පොතපතට කැමැත්ත හීන වී විනෝදයට යාම අඩුකරන්නේ නම් මැනවි. මෙතෙක් පැවැති කරදර බාධා දුරුවීම හේතුවෙන් සිතට සහනය හිමිවෙනු ඇත. ආදායමට යහපත් වුවද වැය සීමා කිරීම සුබයි. හදිසි ධනයකට ඉඩ ඇත. පරික්ෂණ යහපත්.
මීන ලග්නය - ඉගෙනුම කටයුතු වලදී උදාසීන ගතිය නිසා බාධා අවහිර ඇතිවෙනු ඇත. වැය පස ඉහලයාමට ඉඩ ඇති අතර ආදායම් මාර්ගවලටද බාධා අවහිර පවතිනු ඇත. ගමන් බිමන් බහුලව යෙදේ. සිතට පීඩාව සහ බිය දැනෙනු ඇත. රහස් සතුරු කරදර බාධා කුමන්ත්‍රණ වලට ඉඩ ඇති නිසා විදෙස් ගමන් යහපත් වෙනු ඇත.
tfal titanium - Classic Artistry
ReplyDeletetfal titanium - Classic Artistry. T.C.S. how to get titanium white octane - Gold and titanium color Silver, titanium white dominus bronze. T.C.S. micro touch trimmer - Gold and titanium key ring silver, bronze. Gold - Silver, bronze. Gold - Silver, bronze. Gold - Silver.