Skip to main content

පොරොන්දම් සියයට සියයක් හරිගිය පමණින් විවාහ ජීවිත සාර්ථක නැත.


යෝජිත විවාහයන් සඳහා පොරොන්දම් බැලීම අද සමාජයේ බොහෝ දෙනා කරන සාමාන්‍ය පිලිවෙතයි. දෙදෙනාගේ පොරොන්දම් බලා සියයට ගණනින් වැඩි ප්‍රමාණයක් සුබ නම් විවාහයට දින ගිවිස ගනියි. පසුව විවාහයෙන් මාස 06 ක් පමණ ඉක්ම යාමේ දි දෙදෙනා නොගැළපෙන බව හඳුනා ගැනීමෙන් ආරාවුල් ද සමගියද නැති වී නොයෙක් ප්‍රශ්න රාශියකට මැදහත් වෙති. සමහරෙක් දික්කසාදයට මග සලසා ගනිමින් උසාවි ගානේ රස්තියාදු වෙති. මෙසේ බලන කළ දෙදෙනාගේ පොරොන්දමක් බැලුව පමණින් ම විවාහයක් සාර්ථක වේ යැයි කිව හැකිද?

විවාහයෙන් පසු තවත් සමහර ස්ත්‍රීන්ට දරුපල නැත. තවත් සමහරෙක් විවාහයට පෙර සාර්ථක ව්‍යාපාර හිමිව විවාහයෙන් පසු උන්හිටි තැන් පවා නැතිව ඉබාගතේ රස්තියාදු වෙති. මෙයට හේතු කිමෙක්දැයි සොයා බැලුවහොත් නිවැරදි පිළිතුර ලෙස දකින්නේ විවාහ පොරොන්දම බැලු පමණින්ම විවාහය සාර්ථක නොවනා බවයි. මෙසේ වු විට පොරොන්දම් බැලු ජ්‍යොතිෂවේදියාගේ මව් පියෝද ද බැනුම් අසති. ආදර සබඳයට මුල පුරවා විවාහයට දිනත් නියම කර සමහරෙක් නිකමට වාගේ පොරොන්දම් බලති. තවත් සමහරෙක් බුලත් අතක් පමණක් දී පොරොන්දම බලවා ගනිති. තවත් සමහරෙක් බුලත් අතද, කිසිදු මුදලක් නැතිව හිතවත්කමට නොමිළේ පිනට වාගේ පොරොන්දම බලවා ගනිති. එසේම තවත් සමහරෙක් ”අපි අහවල් දවසේ කසාද බඳිනවා එදාට හොද නැකතක් දෙන්නැ”යි ඉල්ලා සිටියි.

විවාහ පොරොන්දමට සහ විවාහ නැකතට රුපියල් තුන්/හාරසියයක් වත් අඩුම වශයෙන් ගෙවීමට බොහෝ දෙනාගේ වැඩි කැමැත්තක් නැත. නමුත් විවාහ උත්සවයේ දී මනාළියට ඇන්දවීමට පමණක් අය කරන සාමාන්‍ය ගාස්තුව රුපියල් 25,000 සිට විවිධාකාරව ලක්ෂ 03 ද ඉක්මවා හෝ ආසන්නව පවතී. එසේම මංගල දිනයට පමණක් කුලියට ඇඳීමට ගන්නා ඇඳුම් ආයිත්තම් වලට ලක්ෂ 05 ක් ගෙවති.

සාර්ථක විවාහ දිවියක් සදහා විවාහ පොරොන්දමට අමතරව කුජ දෝෂය /07 සහ 08 පරිවර්තන යෝගය / 07පති 08 වැන්නේ / 08 පති 07 වැන්නේ / 07 පතියා පාප සමගින් සංයෝග / ශනි මංගල යෝග / ස්ත්‍රියගේ විෂ කන්‍යා යෝග / කඩහන්දි මාරක යෝග / මන්දායුෂ යෝග / අධිකාමුක යෝග / බහු විවාහ යෝග / තුන්කුලුදුල් යෝග / කුජ ශනි / කුජ සිකුරු රාහු සංයෝග / සුපරික්ෂාකාරිව සැසඳිය යුතු වන අතර ඉහත දැක්වෙනුයේ ද විවාහයේ දි යෙදෙන දෝෂ ස්වල්පයක් පමණි. විවාහක ස්ත්‍රී පුරුෂයන් අනියමට අපචාරයට පොළඔවන යෝග රාශියකි. එසේම අති ධාවනකාරි කාම යෝග සහ බහු ලිංගික සැපත් යෝග ජ්‍යොතිෂයේ දැක්වෙයි.

මේ සමග ඇති කේන්දරය හිමි ස්ත්‍රීය විවාහ වුයේ විවාහ පොරොන්දම සියයට අනූවක ගැලපීමක් සමගිනි. වෘත්තියෙන්ම ගුරුවරියක වු ඇය ඉතාමත්ම රුමතියකි. දැක්මට ප්‍රිය හුරුබුහුටි සුන්දරියකි. විවාහ ගිවිස ගත්තේ ද උපාධිධාර ගුරුවරයෙකු සමගිනි. දෙපාර්ශවයටම සමාජයේ වැදගත් සහ උගත් පිරිවර ඇත. ඇය කන්‍යා ලග්නයයි. විවාහය ගැන කියනා 07 වැන්නාධිපතියා වන්නේ උභය රාශි මීනයට අධිපති ගුරු ග්‍රහයා වෙයි. ගුරු 07 වැන්නේය. කන්‍යා ලග්නයට ගුරු මාරක ග්‍රහයෙකි. ගුරුට ඉදිරියෙන් කේතු පිහිටිම නිසා විවාහ දිවියේ ආලෝකය සුන්දරත්වය සැප සතුට හකුලුවා තබා ඇත. කේතුටත් ඉදිරියෙන් කුජ පිහිටිමද කන්‍යා ලග්නයට අසුබ වෙයි. ඒ 03 වැන්නේ වෘශ්චික හිමි සහ 08 වැන්නේ මේෂ හිමි කුජ කන්‍යා ලග්නයට මාරක වීමයි. එසේම මාරක කුජ ග්‍රහයා 22 වන දෙර්කාණපතියා ද වෙයි.

22 වන දෙර්කාණපතියා කුජ හේතුවෙන් ස්ථිර සබදතාවයක් ඉදිරියට ගෙන යාමද අපහසුය. නිතර රැවටීමට අසුවෙයි. අනියමට රහසට නිතර කැමැත්ත දක්වයි. සෙනසුරුට කුජ දැක්ම හේතුවෙන් ඇගේ මල්වරය ද අසුබ වී ඇත. ඒ හෙයින් දරුපල දෝෂය ද පවති. නිතර ගබ්සාවට ද ලක්වෙයි. 09 වැන්නේ කුජ හේතුවෙන් පෙර පින ද අහෝසි වී ඇත. මෙම කේන්දර ගතවීම පුරුෂ පක්ෂයට / සැමියාට ඉතාම අසුබ පිහිටීමකි. එසේම අවාසනාවකි. නීතිමය කරදර නිතර ඇතිවන අතර විවාහයෙන් සතුටක් නොමැති වීමෙන් වෙන්වීමක් සිතමින් සිටියි.

ඇගේ කේන්දරය



මෙම කේන්දරයේ 02 වැන්නේ සිකුරු සමගින් රාහු තුලා රාශිගතව පිහිටීමත් අධිකාම යෝගයකි. සප්ත දැක්ම කේතුටයි. කරනා කියනා සැම දෙයක්ම රහසිගතව තබාගනියි. ගුප්තයි. එසේම චරිත හානියේ දොරගුලු විවෘතව පවතින තත්වයකි. එසේම විවාහක පුරුෂයා ගෙන් පමණක් ම සෑහිමට පත්නොවන්නියකි. එසේම මෙම කේන්දරයේ සිකුරු 02 වැන්නේ නිසා ඇය ගියේ කොතැනද රහසිගත ආදරයට බොහෝ අයගෙන් ආරාධනා ලබයි. දරුපල කියන 05 වැන්නාධිපති ශනි ග්‍රහයා කටක රාශියේ නිච වී ඇති නිසා  දරුපල ද පමාවෙමින් තවමත් පවතියි.

ධනු රාශියේ රවි ග්‍රහයා පිහිටිමද මෙහි රවිට සප්ත දැක්ම 10 වැන්න වු මිථුනයේ සදු ග්‍රහයා පිහිටිම ද බහු විවාහ තත්වයට ඉඩ පවති. පිට පළාත් හි සබඳතාවනට ඉඩ ඇති කරවයි. වෘෂභ රාශියේ කුජ හේතුවෙන් ළාබාල වියේ සිටම ආලයට බැඳීමට සිත දුවයි. නමුත් සබඳතා දුක්මුසුව අවාසනාවන්තව වෙන් වෙන්වීමට ඇයට සිදුව ඇත. විරුද්ධ ලිංගිකයින් නිසා යන එන තැන කරදරද විදින චරිතයකි. සිතුවිලි වලට අධිපති සඳු ග්‍රහයා මිථුන රාශියේ අස්වාභාවික සබඳතා මුල පුරනු ඇත. කටක රාශිගත ව සෙනසුරු ග්‍රහයා පිහිටිම ආලය වැනි සබඳතාවන් හි අවසානය කණගාටුවට පත් කරවන්නෙකි. කන්‍යා ලග්න මීන රාශියේ (උභය රාශියේ) ගුරු ද බහු විවාහ තත්වයට ඉඩ සලසනු ඇත.

කරුණු එසේ හෙයින් විවාහයක දී විවාහ පොරොන්දමක් පමණක් බලවාගෙන කරනා විවාහය කෙතෙක් දුරට සාර්ථක වේදැයි විවාහයට පත්වෙන නව මංගල යුවළ මෙන් ම දෙමාපියන් ද දෙවරක් සිතා බැලිය යුතු වෙයි. විවාහ පොරොන්දම සියයට සියයක් ගැලපීමෙන් පමණක් කිසිදා විවාහයක් සාර්ථක නොවනු ඇත. දක්ෂ උගත් පළපුරුදු ජ්‍යොතිෂවේදියෙකු ගෙන් මේ පිලිබඳව උනන්දුවෙන් විශ්වාසයෙන් කටයුතු කරවා ගැනිමෙන් විවාහය වාසනාවන්තව කර ගැනිමේ හැකියාව මෙන්ම විවාහයෙන් පසු සැපවත් දිවියකට ද උරුමය පවතිනු ඇත.

Comments

Popular posts from this blog

ඔබගේ කේන්දරයේත් මෙම යෝග තියෙනවාද ? ඔබ නොදන්නා යෝග හඳුනා ගන්න.

01 . තිලෝචන යෝගය - රවි සඳු ගුරු යන ග්‍රහයින් එකිනෙකට එකිනෙකාගෙන් ත්‍රිකෝණව පිහිටිමයි විරුද්ධවාදීන් භීතියට පත් කරනු ඇත . ධන බලය මානසික තත්වය බුද්ධිය නිසා සතුරු බල සේනා පරාද කරවනු ඇත . නිරෝගියි . ධනවත් වෙනු ඇත . උදා : රවි 01 ගුරු 06 සදු 09 02 . ගෞරි යෝගය - 09 වැන්නාධිපතියා ප්‍රබලව ශක්තිමත්ව කේන්දරස්ථානයේ ත්‍රිකෝණව පිහිටිමයි . උපත වැදගත් පරිසරයකයි . ඉඩකඩම් දේපල සතුවෙයි . විවාහකරුගෙන් මිතුරන්ගෙන් ඥාතින්ගෙන් නිසි ගරුත්වය හිමි වෙයි . යහපත් දරුවන් සමාජයේ උසස් තැන හිමිකර ගනියි . 03.ධන යෝගය - කටක ලග්නයේ ලග්නාධිපතියා ලග්නයේ පිහිටා කුජ ගුරු සංයෝග වීමයි . නැත්නම් දැක්මයි . සඳු ගුරු ලග්නයේ කුජ 07 වැන්නේය . ධන යෝග නමින් වු මෙම ග්‍රහ සංයෝගයට ධනය සම්බන්ධ වෙයි . සිතන්න බැරිතරම් ධනයකට උරුමයකට හිමිකමක් ලැබෙනු ඇත . 04 . චමර යෝගය - ලග්නාධිපතියා කේන්දරස්ථානයක උච්චව සිටින අතර දී ගුරු ග්‍රහයාගේ දැක්මට අසුවීමයි . උගත් චතුර කථාවයි . කථිකත්වයට සහජ හැකියාවයි . ආගමික කරුණු පිලිබඳව දැනුමයි . ඒ පිලිබඳව ප්‍රසිද්ධියට පත්වෙයි . 05 . භාරතී යෝගය - 02 05 11 අධිපතියෝ 09වැන්නා...

නැකතෙන් කියැවෙන ස්ත්‍රියගේ ගති පැවතුම්

ජන්මියෙකු මෙලොව ඉපදෙන විට යම් නැකතකට අයත් වෙයි. නැකත් පන්තිය ගණනින් 27ක් වන අතර ඒ ඒ නැකත් අනුව ස්ත්‍රින්ගේ ගතිපැවතුම් සහ ක්‍රියා පිළිවෙත් ද එකිනෙකට වෙනස් වෙයි. කේන්දරයකට හෝ නැකතකට හෝ අයහපත් ගති අපල කියු පමණින්ම ඒ මතයේම නොසිට තමාගේ යහපත් ගති වැඩිදියුණු කර ගැනීමට හා පවතින හානි අවම කර ගැනිමට අපේ උගත් ස්ත්‍රියකට බුද්ධිය නුවණ ඇති අතර මේ ලබන්නාවු සිංහල අවුරුදු සමයේ දී ඔබගේ යම් යම් අඩු පාඩු ගති මගහරවා ගෙන ජීවිතය යහපත් ලෙස වැඩි දියුණු කර ගැනීමට අවස්ථාවක් මේ ලිපියෙන් ලැබෙනු ඇත. අස්විද නැකත අස්විද නැකතෙන් උපන් ස්ත්‍රිය ලස්සනයි. රන් ආභරණයට කැමැති යහපත් ප්‍රිය වචන කතා කරයි. ධනවත්ය. මාපිය උපකාර හිමි ඇය සැම දෙනා සමගින් සතුටින් සිටීමට උත්සාහ දරයි. පිරිසිඳුකම අගයන අතර දැහැමියි. විවාහයේදි සැමියාට දරුවන්ට මහත් ආදරය දක්වනු ඇත. අස්විද නැකතේ සංස්කෘත නාමය “ අශ්විනි ” වන අතර නැකතට අධිපති දේවතාවා “ අශ්විනි කුමාර ” නමින් හැදින්වෙයි. බෙරණ නැකත බෙරණ නැකතෙන් උපන් ස්ත්‍රිය ගේ සිත චංචලයි. දුෂිතයි. ධන හීනයි. අපිරිසිඳුයි. කළහයට නිතර කැමැත්ත දක්වයි. විවිධ රසවත් ආහාරයට කැමැතියි. අපහාස නින්දාව ලබයි. ...

නව නිවසක් සැදීමේදී උපදෙස්…….

අළුතෙන් නිවාසයක් තැනීමේ දී වාස්තු විද්‍යානුකුලව යම් යම් චාරිත්‍රයන් අනුගමනය කිරීමට අපට සිදුවෙයි . මෙම චාරිත්‍ර සිරිත් අද ඊයේ ආරම්භ වුවාක් නොව ඈත අතීතයේ සිටම පැවැත ආ බව ඉතිහාසය සාක්ෂි දරයි . නව නිවසක් තැනිමේ දි ප්‍රධානතම කාර්යය වන්නේ සුදුසු කාලයේ දි පමණක් නිවාස තැනීමයි . සෑම මාසයකම නැකත් සහ ශුභ කාලයන් තිබුන ද නිවාස කටයුතු ආරම්භ කළ නොහැක . සමහරෙක් මෙම චාරිත්‍ර සිරිත් නොතකා නිවාස සැදීමට ගොස් පසුව නිවාස සැදීම අත්හැර දමති , අත්තිවාරමට පමණක් සිමා වු නිවාස ද , අඩක් නිමකළ නිවාස ද , වල්බිහි ව අත්තිවාරම වැසෙන සේ ගස් කොලන් බිහි ව ඇති නිවාස ද මේ අතර වෙයි . මෙම දෝෂ ඇති නිවාස ආරම්භ දෝෂ යනුවෙන් වාස්තු විද්‍යාවේ හදුන්වයි . සුර්යයා මීන මිථුන කන්‍යා ධනු රාශිවල ගමන් කරනා කාළය කෝණ මාස යනුවෙන් හැදින්වෙයි . මෙම කාලයේ නිවාස ඉදිකිරිම් කටයුතු නොකරයි . යමෙක් මෙම කෝණ මාසයේ නිවාස වැඩ ආරම්භ කරයි ද , අතරමග ඇන හිටිනු ඇත . නිවසේ අය අසනිප විම , ණයවීම ණය ගෙවා ගැනීමට තිඛෙන නොහැකියාව , නිවාස සාදන කම්කරුවන් සේවකයින් වැඩට නොපැමිනීම ආදි හේතුන් අළුතෙන් සාදන නිවස ස්ථිරත්වයට පත්වීමට බාධා ඇති වෙයි . මීන ක...