ජ්‍යොතිෂයේදි පාපී ග්‍රහයෙක් ලෙසින් මිනිසාට අසුබ ඵල උදා කිරිමේදි ප්‍රධාන ග්‍රහයෙක් වන්නේ සෙනසුරුයි. සංසාරයේ පෙර භවයන් හි මිනිසා විසින් කරනු ලබන අකුසල් වෙනුවෙන් මෙම භවයේ දි හෝ මතු භවයකයදි හෝ ඒ පව වෙනුවෙන් වන්දි ගෙවිය යුතුවෙයි. සෙනසුරු ග්‍රහයා ලග්නයට ගෝචරයෙන් පිවිසිම ලග්න ඒරාෂ්ඨකයයි. සෙනසුරු නොහොත් හෙනහුරාගේ දශාව පැමිණිම මහා විනාශයක් ලෙස අදත් බොහෝ දෙනා සලකන අතර මෙම කාලසිමාවේ දි මිනිසා නියත වශයෙන් ම මානසික පීඩාවටද ලක්වේ.
සෙනසුරාගේ ඒරාෂ්ඨක කාළ පරිච්ඡේද හතරකි. ලග්න ඒරාෂ්ඨකය/ ජන්ම ඒරාෂ්ඨකය/ ජන්ම අෂ්ඨම ඒරාෂ්ඨකය සහ ලග්න අෂ්ඨම ඒරාෂ්ඨකය යනුවෙනි.
දේශපාලඥයින් මැති ඇමැතිවරුන්ගේ තනතුරු නොසිතු ලෙස අහිමි වී එහාට මෙහාට පනිමින් පසුව උන්හිටි තැන් නැතිවන, රැකියා නිලතල තනතුරු වලින් පහතට විසිවෙන අහිමි වෙන, ව්‍යාපාරික කටයුතු බංකොලොත් වෙමින් ධනය නැති භංගස්ථාන කරමින් හා විවාහ දිවිය අවුල් කර සැප සතුට අහිමි කර දුක් වේදනා පමුනුවන, අසනීප ද ප්‍රියයන් සහ හිතවතුන් ගෙන් වෙන් කිරිමද, නඩුහබ උසාවි ගමන් ද නින්දා අපහාස ශාරිරික පිඩා සමගින් දිවියේ අමතක නොවනා කාළවකවානුව වන්නේ හෙනහුරාගේ ඒරාෂ්ඨක කාළයයි.
සමහර ජ්‍යොතිෂවේදීන් සහ ගුප්තවේදීන් නොයෙකුත් රුපවාහිනි නාලිකා මගින් මෙම කාලසිමාවේදී තමා වෙත පැමිණෙන අය මුලා කරමින් තවත් අමාරුවේ දමති. ඒ මෙම කාලය නිවාස සැදිමට විවාහ විමට සමහර සුදුසු යැයි නිර්දේශ කිරිමයි.
ඔබටත් සෙනසුරු අපලය ලබා ඇත්නම් පලමුව සුරා සුදුව අතහැර මස් මාළු භාවිතයෙන් ද ඉවත්ව දැහැමි වන්න. සිරුර පවිත්‍ර කරගනිමින් සිත කය කථාව සංවර කර ගෙන ධාර්මිකව දිවි ගෙවීමට අදිටන් කර ගන්න. දුර දක්නා නුවණින් සිහි බුද්ධියෙන් ඉවසීමෙන් කටයුතු කරමින් නියමිත විදියට බෝධි පුජා පවත්වා කුස ගින්නෙන් සිටින ආබාධිතයෙකුට තමා නිරාහාරව සිට ආහාර පරිත්‍යාග කිරිමද ද, ඇදුම් පැලඳුම් දිමද, ගිතෙල් මුසු කිරිබත් කපුටන්ට දන් දිමද සුදුසු වෙයි. ශ්‍රී විෂ්ණු දිව්‍යා රාජයාට බාරහාරව සෙත් ශාන්ති කර ගනිමින් සුදුසු යන්ත්‍රයක් (ශනි මෘතුංජය / නිළ මණ්ඩල යන්ත්‍රය / අඝෝර යන්ත්‍ර ) පැලදිමද කාක නිල් මානික්‍ය මුදුවක ලා පැළඳවීමද බැබිල විෂ්ණු කාන්ති විළද ලොත් සුඹුල කලු තල කළාදුරු සතකුප්ප මුසු කර ගත් ජලයෙන් ස්නානය කිරිමෙන් ද තලතෙල් අබතෙල් පහන් දල්වා කන්නලවු කිරිමෙන් ද සෙනසුරු අපලය දුරුවන බව පොත පතෙහි සදහන්ව ඇත.
Comments
Post a Comment