තුලා රාශියට පිවිසි සෙනසුරු උච්ච ග්‍රහයා නිචවෙමින් ඉදිරියට යාම අති භයංකාරයි. හදිසි අනතුරු කැරළි කෝළහාල කම්කරු වැඩ වර්ජන වාහන අනතුරු ඉහළයයි.
2011 නොවැම්බර් 15 වන දින කන්‍යා රාශියේ වසර දෙකහමාරක් රැදී සිටිමින් ගෝචර ගමනේ ගිය සෙනසුරු ග්‍රහයා තුලා රාශියට පිවිසෙන ලදි. දැනට තුලා රාශි ගතව නමුත් වක්‍රව රජ කුමරෙකු සේ ගමනේ යෙදි සිටින සෙනසුරු ග්‍රහයා ට 2012 පෙබරවාරි මස 07 වන දින රාත්‍රියේ දි ග්‍රහ මණ්ඩලයේ චන්ඩියා මෙන්ම හිතුවක්කාර, සටනට බර, පසුනොබසින, ලෙයට කැමත්ත දක්වන පාප කුජ ග්‍රහයා සිත නැකතෙහි 04 පාදයේදි වක්‍රවිම ඉතාම අසුබ කාලයකි.
මෙම කුජ වක්‍රව ගමන් යාම 2012 ජුනි 25 දක්වා පවතින අතර මෙම කාළය අතරේදි ලංකාව සමගින් වෙනත් රට රාජ්‍යයන්ටද ඉතාම අසුබ කාලසීමාවකට පිවිසෙනු ඇත.රාජ්‍ය නායකයන්ට අපල, යුධමය තත්වයන්, කැරළි, කෝළහාල, කම්කරු අරගල සමගින් වැඩ වර්ජන, මහා මාර්ගයේ වාහන අනතුරු ද, ගුවන් දුම්රිය අනතුරු සමගින් හදිසි අනතුරු සංඛයාව බෙහෙවින් ඉහල යනු ඇත.
කරුණු මෙසේ පෙළගැසෙමින් සිටිය දි සෙනසුරුට හිමි කුම්භ රාශිගතව සිටි සුරූපිනිය වන සිකුරු ග්‍රහලොව 2012 පෙබරවාරි 03 වන දින පෙරවරුවේදි මීන රාශියට පැමිණ උච්චවෙයි. සිකුරු මීන රාශිගතව පෙබරවාරි 29 දින පෙරවරුව දක්වා රැදි සිටියි.ග්‍රහ මණ්ඩලයේ රැජින වන චන්ද්‍රයා පුරෝහිත ගුරු සමගින් මේෂ රාශියේ සිටිමින් පෙබරවාරි 03 වන සිකුරාදා දින චන්ද්‍රයා වෘෂභයට පිවිස උච්ච වෙයි.දුකට අධිපති කම්කරුවන් නියෝජනය කරන සෙනසුරු දැනටමත් තුලා රාශියේ උච්චව සිටියි.
ග්‍රහයින් තිදෙනෙක් මෙසේ සිකුරු මීනයේ ද, සදු වෘෂභයේද, සෙනසුරු තුලාවේ ද පිහිටිම අපුර්ව දර්ශනයකි. ආශ්චර්යයකි. පසුදින වන්නේ පෙබරවාරි 04 වන දිනයයි. ඒ අප රටේ නිදහස් දිනයයි.

ඈත අතීතයේ සිටම නිදහස් දිනවල දි සිරකරුවන්ට නිදහස දිම සිරෙන් නිදහස් කිරිම පැවත එයි. ඒ අනුව මෙවරත් අතිගරු ජනාධිපතිතුමාගේ අනින් සිරකරුවෝ නිදහස ලබති. ඒ අතර යුධ වීරයා වු ජෙනරාල් සරත් ෆොන්සේකා මහතාටද මෙවර නිදහස් දිනයෙන් නිදහස ලැබීමට ඉඩ ඇත.
Comments
Post a Comment