Skip to main content

2012 පෙබරවාරි 01 සිට පෙබරවාරි 29 දක්වා ශුභ නැකත් - 2 කොටස


පෙබරවාරි මාසයේ තල් පොල් කහ සහ එළවළු පළතුරු සිටවීමට සුබ නැකත්
2012 පෙබරවාරි 15 බදාදා දින පෙරවරු 06.36ට උතුර බලා පොල් තල් කෙසෙල් වැනි බෝග සිටවීමට සුබයි.
2012 පෙබරවාරි 17 සිකුරාදා දින පෙරවරු 06.38ට නැගෙනහිර බලා කහ ඉඟුරු සහ කෝපි සිටවීමට සුබයි.
2012 පෙබරවාරි 17 සිකුරාදා දින පෙරවරු 09 21ට නැගෙනහිර බලා පලතුරු එළවළු යන බීජයන් සිටවීමට සුබයි.

ළිං කැපීමට සුබ  නැකතක්
2012 පෙබරවාරි 16 වන බ්‍රහස්පතින්දා දින පෙරවරු 07.55ට උතුර බලා ළිං කැපීමට සුබයි.

අකුරු කියවීමට සුබ නැකතක්
2012 පෙබරවාරි 17 සිකුරාදා දින පෙරවරු 09.28ට  පලමු වරට අකුරු කියවීමට නැගෙනහිර බලා සුබයි.

නව නිවසට මුල්ගල් තැබීමට නැකතක්
2012 පෙබරවාරි 17 සිකුරාදා දින පෙරවරු 10.30ට උතුරු බලා මුල්ගල තබා නව නිවස ආරම්භයට සුබයි.

Comments

Popular posts from this blog

ඔබගේ කේන්දරයේත් මෙම යෝග තියෙනවාද ? ඔබ නොදන්නා යෝග හඳුනා ගන්න.

01 . තිලෝචන යෝගය - රවි සඳු ගුරු යන ග්‍රහයින් එකිනෙකට එකිනෙකාගෙන් ත්‍රිකෝණව පිහිටිමයි විරුද්ධවාදීන් භීතියට පත් කරනු ඇත . ධන බලය මානසික තත්වය බුද්ධිය නිසා සතුරු බල සේනා පරාද කරවනු ඇත . නිරෝගියි . ධනවත් වෙනු ඇත . උදා : රවි 01 ගුරු 06 සදු 09 02 . ගෞරි යෝගය - 09 වැන්නාධිපතියා ප්‍රබලව ශක්තිමත්ව කේන්දරස්ථානයේ ත්‍රිකෝණව පිහිටිමයි . උපත වැදගත් පරිසරයකයි . ඉඩකඩම් දේපල සතුවෙයි . විවාහකරුගෙන් මිතුරන්ගෙන් ඥාතින්ගෙන් නිසි ගරුත්වය හිමි වෙයි . යහපත් දරුවන් සමාජයේ උසස් තැන හිමිකර ගනියි . 03.ධන යෝගය - කටක ලග්නයේ ලග්නාධිපතියා ලග්නයේ පිහිටා කුජ ගුරු සංයෝග වීමයි . නැත්නම් දැක්මයි . සඳු ගුරු ලග්නයේ කුජ 07 වැන්නේය . ධන යෝග නමින් වු මෙම ග්‍රහ සංයෝගයට ධනය සම්බන්ධ වෙයි . සිතන්න බැරිතරම් ධනයකට උරුමයකට හිමිකමක් ලැබෙනු ඇත . 04 . චමර යෝගය - ලග්නාධිපතියා කේන්දරස්ථානයක උච්චව සිටින අතර දී ගුරු ග්‍රහයාගේ දැක්මට අසුවීමයි . උගත් චතුර කථාවයි . කථිකත්වයට සහජ හැකියාවයි . ආගමික කරුණු පිලිබඳව දැනුමයි . ඒ පිලිබඳව ප්‍රසිද්ධියට පත්වෙයි . 05 . භාරතී යෝගය - 02 05 11 අධිපතියෝ 09වැන්නා...

නැකතෙන් කියැවෙන ස්ත්‍රියගේ ගති පැවතුම්

ජන්මියෙකු මෙලොව ඉපදෙන විට යම් නැකතකට අයත් වෙයි. නැකත් පන්තිය ගණනින් 27ක් වන අතර ඒ ඒ නැකත් අනුව ස්ත්‍රින්ගේ ගතිපැවතුම් සහ ක්‍රියා පිළිවෙත් ද එකිනෙකට වෙනස් වෙයි. කේන්දරයකට හෝ නැකතකට හෝ අයහපත් ගති අපල කියු පමණින්ම ඒ මතයේම නොසිට තමාගේ යහපත් ගති වැඩිදියුණු කර ගැනීමට හා පවතින හානි අවම කර ගැනිමට අපේ උගත් ස්ත්‍රියකට බුද්ධිය නුවණ ඇති අතර මේ ලබන්නාවු සිංහල අවුරුදු සමයේ දී ඔබගේ යම් යම් අඩු පාඩු ගති මගහරවා ගෙන ජීවිතය යහපත් ලෙස වැඩි දියුණු කර ගැනීමට අවස්ථාවක් මේ ලිපියෙන් ලැබෙනු ඇත. අස්විද නැකත අස්විද නැකතෙන් උපන් ස්ත්‍රිය ලස්සනයි. රන් ආභරණයට කැමැති යහපත් ප්‍රිය වචන කතා කරයි. ධනවත්ය. මාපිය උපකාර හිමි ඇය සැම දෙනා සමගින් සතුටින් සිටීමට උත්සාහ දරයි. පිරිසිඳුකම අගයන අතර දැහැමියි. විවාහයේදි සැමියාට දරුවන්ට මහත් ආදරය දක්වනු ඇත. අස්විද නැකතේ සංස්කෘත නාමය “ අශ්විනි ” වන අතර නැකතට අධිපති දේවතාවා “ අශ්විනි කුමාර ” නමින් හැදින්වෙයි. බෙරණ නැකත බෙරණ නැකතෙන් උපන් ස්ත්‍රිය ගේ සිත චංචලයි. දුෂිතයි. ධන හීනයි. අපිරිසිඳුයි. කළහයට නිතර කැමැත්ත දක්වයි. විවිධ රසවත් ආහාරයට කැමැතියි. අපහාස නින්දාව ලබයි. ...

නව නිවසක් සැදීමේදී උපදෙස්…….

අළුතෙන් නිවාසයක් තැනීමේ දී වාස්තු විද්‍යානුකුලව යම් යම් චාරිත්‍රයන් අනුගමනය කිරීමට අපට සිදුවෙයි . මෙම චාරිත්‍ර සිරිත් අද ඊයේ ආරම්භ වුවාක් නොව ඈත අතීතයේ සිටම පැවැත ආ බව ඉතිහාසය සාක්ෂි දරයි . නව නිවසක් තැනිමේ දි ප්‍රධානතම කාර්යය වන්නේ සුදුසු කාලයේ දි පමණක් නිවාස තැනීමයි . සෑම මාසයකම නැකත් සහ ශුභ කාලයන් තිබුන ද නිවාස කටයුතු ආරම්භ කළ නොහැක . සමහරෙක් මෙම චාරිත්‍ර සිරිත් නොතකා නිවාස සැදීමට ගොස් පසුව නිවාස සැදීම අත්හැර දමති , අත්තිවාරමට පමණක් සිමා වු නිවාස ද , අඩක් නිමකළ නිවාස ද , වල්බිහි ව අත්තිවාරම වැසෙන සේ ගස් කොලන් බිහි ව ඇති නිවාස ද මේ අතර වෙයි . මෙම දෝෂ ඇති නිවාස ආරම්භ දෝෂ යනුවෙන් වාස්තු විද්‍යාවේ හදුන්වයි . සුර්යයා මීන මිථුන කන්‍යා ධනු රාශිවල ගමන් කරනා කාළය කෝණ මාස යනුවෙන් හැදින්වෙයි . මෙම කාලයේ නිවාස ඉදිකිරිම් කටයුතු නොකරයි . යමෙක් මෙම කෝණ මාසයේ නිවාස වැඩ ආරම්භ කරයි ද , අතරමග ඇන හිටිනු ඇත . නිවසේ අය අසනිප විම , ණයවීම ණය ගෙවා ගැනීමට තිඛෙන නොහැකියාව , නිවාස සාදන කම්කරුවන් සේවකයින් වැඩට නොපැමිනීම ආදි හේතුන් අළුතෙන් සාදන නිවස ස්ථිරත්වයට පත්වීමට බාධා ඇති වෙයි . මීන ක...