Skip to main content

නව නිවසක් සැදීමේදී උපදෙස්…….

අළුතෙන් නිවාසයක් තැනීමේ දී වාස්තු විද්‍යානුකුලව යම් යම් චාරිත්‍රයන් අනුගමනය කිරීමට අපට සිදුවෙයි. මෙම චාරිත්‍ර සිරිත් අද ඊයේ ආරම්භ වුවාක් නොව ඈත අතීතයේ සිටම පැවැත ආ බව ඉතිහාසය සාක්ෂි දරයි. නව නිවසක් තැනිමේ දි ප්‍රධානතම කාර්යය වන්නේ සුදුසු කාලයේ දි පමණක් නිවාස තැනීමයි. සෑම මාසයකම නැකත් සහ ශුභ කාලයන් තිබුන ද නිවාස කටයුතු ආරම්භ කළ නොහැක. සමහරෙක් මෙම චාරිත්‍ර සිරිත් නොතකා නිවාස සැදීමට ගොස් පසුව නිවාස සැදීම අත්හැර දමති, අත්තිවාරමට පමණක් සිමා වු නිවාස ද, අඩක් නිමකළ නිවාස ද, වල්බිහි ව අත්තිවාරම වැසෙන සේ ගස් කොලන් බිහි ව ඇති නිවාස ද මේ අතර වෙයි. මෙම දෝෂ ඇති නිවාස ආරම්භ දෝෂ යනුවෙන් වාස්තු විද්‍යාවේ හදුන්වයි.

සුර්යයා මීන මිථුන කන්‍යා ධනු රාශිවල ගමන් කරනා කාළය කෝණ මාස යනුවෙන් හැදින්වෙයි. මෙම කාලයේ නිවාස ඉදිකිරිම් කටයුතු නොකරයි. යමෙක් මෙම කෝණ මාසයේ නිවාස වැඩ ආරම්භ කරයි ද, අතරමග ඇන හිටිනු ඇත. නිවසේ අය අසනිප විම, ණයවීම ණය ගෙවා ගැනීමට තිඛෙන නොහැකියාව, නිවාස සාදන කම්කරුවන් සේවකයින් වැඩට නොපැමිනීම ආදි හේතුන් අළුතෙන් සාදන නිවස ස්ථිරත්වයට පත්වීමට බාධා ඇති වෙයි.

මීන කෝණ මාසය
මාර්තු මාසයේ 14 දින සිට අප්‍රේල් 11 දින දක්වා මීන කෝණ මාසයයි.මෙම කාලයේ දි නව නිවාස තැනීමෙන් හෝ නිවාස කටයුතු කිරිමෙන් පවුලේ අයට රෝග පීඩා ආදියට මුහුණ දීමට සිදුවෙයි. නව නිවසේ වැඩ අවසානය දක්වා ගෙනයාමට අපහසු තත්වයට පත්වෙයි. අතරමගදී කඩාකප්පල් තත්වයට වැටෙනු ඇත.

මිථුන කෝණ මාසය
ජුනි මාසයේ 15 දින සිට ජුලි 16 දින දක්වා මිථුන කෝණ මාසයයි.මෙම කාලයේ දි නව නිවාස තැනීමෙන් දුක් කරදර අවුල්කාරි තත්වයට මුහුණ දීමට සිදුවෙයි.සතුරන් පීඩා කරදර ගෙන දෙයි. අසල්වාසින්ගෙන් මෙන් ම තම ඥාතින් ද කරදර සහ විවිධ බාධා කරත්.

කන්‍යා කෝණ මාසය
සැප්තැම්බර් මාසයේ 17 දින සිට ඔක්තෝබර් 16 දින දක්වා කන්‍යා කෝණ මාසයයි.මෙම කාලයේ දී නව නිවාස තැනීමෙන් පවුලේ අයට රෝග පීඩා ආදියට මුහුණ දීමට සිදුවෙයි.බලාපොරොත්තු නැති නඩු හබ ආදියට පැටලී විවිධ කරදරයන්ට මුහුණ පෑමට සිදුවෙයි.

ධනු කෝණ මාසය
දෙසැම්බර් මාසයේ 16 දින සිට ජනවාරි 14 දින දක්වා ධනු කෝණ මාසයයි.මෙම කාලයේ දි නව නිවාස තැනීමෙන් ධන හානියයි. ණය ගෙවා දැමීමට අපහසු වෙයි.දස අතේ ණයවීමට සිදුවෙයි. රැකියාවට කරදර යි. එසේම රැකියා අහිමි තත්වයට ද ඉඩ ඇත. නිවසේ වැඩිහිටි අයට විපත්තිදායකයි.

සුර්යයාගේ ගමන අනුව නව නිවාස තැනීමට සුදුසු ශුභ කාලයන්
සුර්යයා සිටින රාශිය-------------------------- සුදුසු කාල සීමාව
මේෂ සහ වෘෂභ රාශි------------------------අප්‍රේල් 15 සිට ජුනි 14 දක්වා
කටක සහ සිංහ රාශි-------------------------ජුලි 16 සිට සැප් 16 දක්වා
තුලා සහ වෘශ්චික රාශි-----------------------ඔක් 17 සිට දෙසැ 15 දක්වා
මකර සහ කුම්භ රාශි------------------------ජනවාරි 15 සිට මාර්තු 11 දක්වා

චන්ද්‍ර මාස ක්‍රමය අනුව ද නව නිවාස ආරම්භ කිරීමෙන් ලැබෙන ඵල විපාක
චන්ද්‍ර මාසය-------------ඵළවිපාක
දුරුතු මාසයේදි----------සොර බිය සහ සතුරු බිය ද
නවම් මාසයේ දි---------ගිනි බිය ද
මැදින් මාසයේ දි--------නිවාස කටයුතු කිරිමෙන් ශ්‍රියාව ද
බක් මාසයේ දි----------පවුලේ අයට රෝග පීඩාව ද
වෙසක් මාසයේ දි-------නිවාස කටයුතු කිරීමෙන් ධන වාසිය ද
පොසොන් මාසයේ දි----පවුලේ සහ ඥාති මරණය ද
ඇසළ මාසයේ දි---------නිවාස තැනීමෙන් ලැබීම් ආදියේ වාසිය ද
නිකිණි මාසයේ දී--------නිවාස තැනීමෙන් මිතුරු සබඳතා ද
බිනර මාසයේ දි---------නොයෙක් හානිය ද
වප් මාසයේ දි-----------නිතර කළහකාරි ගතිය ද
ඉල් මාසයේ දි-----------නිවාස තැනීමෙන් ධන වාසිය ද
උදුවප් මාසයේ දි--------නිවාස තැනිමෙන් ධන වාසියේ වැඩිවිම ද ලබයි.

නිවාස ඉදිකිරිමේ කටයුතු කිරීමේ දී සෙනසුරාදා දින අසුබයි. නැකත් කැති නැකතත් අසුබයි. ගිනි හානියයි. ගෙපල කැපිමේ දි අස්විද, රෙහෙන, මුවසිරස, පුෂ, මා, උත්‍රපල්, හත, සිත, සා, අනුර, උත්‍රසල, සුවන, දෙනට, සියාවාස, උත්‍රපුටුප, රේවති නැකත් සුබ පලදේ.

අත්තිවාරම් දැමීමට කනු සිටවිමට සඳු හෝරාව ද, යට ලී තැබීමට රවි හෝරාව ද, පරාල රීප්ප සඳහා බුධ හෝරාවද, බිත්ති නැංවීමට ශනි හෝරාව ද, වහළ සෙවිලි කිරීමට සිකුරු හෝරාවද, නව නිවසට ගෙවැදීමට ගුරු හෝරාව ද ඉතාම ශුභ වෙයි.

උත්‍රපල්, උත්‍රසල, උත්‍රපුටුප, රෙහෙන, හත, සුවන, මුවසිරස, පුෂ, මුල, අනුර යන නැකතක දි පුරපස කාලයේ 01, 03, 05, 07, 10, 11, 13 තිථියක දි නව නිවසට ගෙවැදිම සුබයි.

එසේ ම නව යුවලට නව නිවසේ වයඔ සහ උතුර අතර කාමරය ඉතාම ශුභපල දෙනු ඇත.නව නිවාස ඉදිකිරිමේ දී නැගෙනහිරට නාන කාමරය ද, ගිනිකොණට මුළුතැන්ගෙය ද, දකුණට නිදන කාමරද, නිරිතට ආයුධ ගබඩාව ද, බස්නාහිරට කෑම කාමර ද, වයඔට ධාන්‍යාගාර ද, උතුරට වටිනා දේ රන් මුතු මැණික් මුදල් ද, ඊසානට දේව කටයුතු, නිරිත සහ බස්නාහිර අතර පුවත්පත් පොත්පත් කියවීම පුස්තකාල සඳහා ඉතාම ශුභපල දෙනු ඇත.

ඊලඟට නිවාස සාදා ගැනීමේ දී සහ නව නිවසට පිවිසීමේ දී නිවැසියනට අවශ්‍ය වන වැදගත් ම දේ ජලයයි. නිරිත දිශාව හා උතුර සහ ඊශානය ළිං කැපීමට ඉතාම සුබය. එසේම උතුර සහ ඊශාන ගත නොහැකි සෑම අවස්ථාවකම ගත යුත්තේ නිරිත දිශාවයි. ලිඳ කැපිමේ දී මුළු හතර අසුබයි.

ප්‍රධාන දොරටුව ඉදිරිපස අසුබයි. ජනේල හරිමැද පිහිටීමත් අසුබයි. යට ලී හා බාල්කයන් මුදුන් යට ලීයට අසුවීම ද අසුබයි. මෙහි දී වැදගත් ම වන්නේ නිවසේ සෙවනැල්ල ලිඳට වැටීමයි. එය අත්හල යුතු ම බව ජ්‍යොතිෂ සහ වාස්තු විද්‍යාවේ පොත පතෙහි සඳහන් ව ඇත.

ශුභ කාලයක ශුභ නැකතක් යෙදී ඇතිවිට ඔබගේ උපන් නැකතට සම්පත් නැකත්, ක්ෂේම නැකත්, සාධක නැකත්, මෛත්‍රි නැකත්, පරම මෛත්‍රි නැකත් වලට ගැලපේ නම් ඉතාම පහසුවෙන් කිසිදු කරදරයක් නැතිව නිවාස කටයුතු කර ගැනීමටත්, නව නිවසට පිවිසීමටත් පහසුවෙයි.

Comments

Popular posts from this blog

ඔබගේ කේන්දරයේත් මෙම යෝග තියෙනවාද ? ඔබ නොදන්නා යෝග හඳුනා ගන්න.

01 . තිලෝචන යෝගය - රවි සඳු ගුරු යන ග්‍රහයින් එකිනෙකට එකිනෙකාගෙන් ත්‍රිකෝණව පිහිටිමයි විරුද්ධවාදීන් භීතියට පත් කරනු ඇත . ධන බලය මානසික තත්වය බුද්ධිය නිසා සතුරු බල සේනා පරාද කරවනු ඇත . නිරෝගියි . ධනවත් වෙනු ඇත . උදා : රවි 01 ගුරු 06 සදු 09 02 . ගෞරි යෝගය - 09 වැන්නාධිපතියා ප්‍රබලව ශක්තිමත්ව කේන්දරස්ථානයේ ත්‍රිකෝණව පිහිටිමයි . උපත වැදගත් පරිසරයකයි . ඉඩකඩම් දේපල සතුවෙයි . විවාහකරුගෙන් මිතුරන්ගෙන් ඥාතින්ගෙන් නිසි ගරුත්වය හිමි වෙයි . යහපත් දරුවන් සමාජයේ උසස් තැන හිමිකර ගනියි . 03.ධන යෝගය - කටක ලග්නයේ ලග්නාධිපතියා ලග්නයේ පිහිටා කුජ ගුරු සංයෝග වීමයි . නැත්නම් දැක්මයි . සඳු ගුරු ලග්නයේ කුජ 07 වැන්නේය . ධන යෝග නමින් වු මෙම ග්‍රහ සංයෝගයට ධනය සම්බන්ධ වෙයි . සිතන්න බැරිතරම් ධනයකට උරුමයකට හිමිකමක් ලැබෙනු ඇත . 04 . චමර යෝගය - ලග්නාධිපතියා කේන්දරස්ථානයක උච්චව සිටින අතර දී ගුරු ග්‍රහයාගේ දැක්මට අසුවීමයි . උගත් චතුර කථාවයි . කථිකත්වයට සහජ හැකියාවයි . ආගමික කරුණු පිලිබඳව දැනුමයි . ඒ පිලිබඳව ප්‍රසිද්ධියට පත්වෙයි . 05 . භාරතී යෝගය - 02 05 11 අධිපතියෝ 09වැන්නා...

නැකතෙන් කියැවෙන ස්ත්‍රියගේ ගති පැවතුම්

ජන්මියෙකු මෙලොව ඉපදෙන විට යම් නැකතකට අයත් වෙයි. නැකත් පන්තිය ගණනින් 27ක් වන අතර ඒ ඒ නැකත් අනුව ස්ත්‍රින්ගේ ගතිපැවතුම් සහ ක්‍රියා පිළිවෙත් ද එකිනෙකට වෙනස් වෙයි. කේන්දරයකට හෝ නැකතකට හෝ අයහපත් ගති අපල කියු පමණින්ම ඒ මතයේම නොසිට තමාගේ යහපත් ගති වැඩිදියුණු කර ගැනීමට හා පවතින හානි අවම කර ගැනිමට අපේ උගත් ස්ත්‍රියකට බුද්ධිය නුවණ ඇති අතර මේ ලබන්නාවු සිංහල අවුරුදු සමයේ දී ඔබගේ යම් යම් අඩු පාඩු ගති මගහරවා ගෙන ජීවිතය යහපත් ලෙස වැඩි දියුණු කර ගැනීමට අවස්ථාවක් මේ ලිපියෙන් ලැබෙනු ඇත. අස්විද නැකත අස්විද නැකතෙන් උපන් ස්ත්‍රිය ලස්සනයි. රන් ආභරණයට කැමැති යහපත් ප්‍රිය වචන කතා කරයි. ධනවත්ය. මාපිය උපකාර හිමි ඇය සැම දෙනා සමගින් සතුටින් සිටීමට උත්සාහ දරයි. පිරිසිඳුකම අගයන අතර දැහැමියි. විවාහයේදි සැමියාට දරුවන්ට මහත් ආදරය දක්වනු ඇත. අස්විද නැකතේ සංස්කෘත නාමය “ අශ්විනි ” වන අතර නැකතට අධිපති දේවතාවා “ අශ්විනි කුමාර ” නමින් හැදින්වෙයි. බෙරණ නැකත බෙරණ නැකතෙන් උපන් ස්ත්‍රිය ගේ සිත චංචලයි. දුෂිතයි. ධන හීනයි. අපිරිසිඳුයි. කළහයට නිතර කැමැත්ත දක්වයි. විවිධ රසවත් ආහාරයට කැමැතියි. අපහාස නින්දාව ලබයි. ...