2011 නොවැම්බර් මස 15 දින සෙනසුරු තුලා රාශියට මාරුවිය. නමුත් 2012 පෙබරවාරි මස 07 දින සෙනසුරු කන්‍යාවට වක්‍රව පැමිණ නැවත 2012 අගෝස්තු 04 වන දින තුලා රාශියට පැමිණියද ඔක්තෝබර් 15 දින සිට සෙනසුරු තම බලය තුලා රාශියේ පතුරුවනු ඇත. 2014 නොවැම්බර් මස 02 දක්වා සෙනසුරු තුලා රාශියේ සිටියි. මේෂ , වෘෂභ , කටක , සිංහ , තුලා , ධනු , මකර , කුම්භ හිමියන්ට මෙම සෙනසුරු මාරුව සුබපල දෙනු ඇත. මිථුන , කන්‍යා ලග්නකරුවන්ට මිශ්‍ර පල දෙනු ඇත. වෘශ්චික , මීන ලග්නකරුවන්ට සුබපල හීන කරනු ඇත. මූල , පුවසල , උත්‍රසල යන නැකත් වලින් උපන්නන්ට පීඩාකාරී බව තදින් නොදැනුනද , වෙහෙස දැනෙනු ඇත. මේෂ ලග්නයට සුබයි සෙනසුරු 07වැන්නට යයි. සුබපල දෙන වෙනස්කම් රාශියක් ඇති වෙයි. විවාහයේ සහ ඥාති සබඳතා අතර පැවැතුන මතභේද ගැටුම් සමථයට පත්වෙනු ඇත. ස්වයං රැකියා , ව්‍යාපාර දියුණුවට පත්වෙයි. බොහෝ වෙනස්කම් ආර්ථිකය වෙනුවෙන් සිදුවෙනු ඇත. පමා වූ වැඩ කටයුතු අවසන් කිරීමට වාසනාව හිමි වෙයි. වෘෂභ ලග්නයට සුබයි සෙනසුරු 06වැන්නට යයි. පැහැදිලි වෙනසක් මෙම කාලයේදී සිදුවෙනු ඇත. හතුරෝ පරාදවෙත්. රැකියා , ස්වයං රැකියා උසස්...