Skip to main content

ඔබේ සෙනසුරු මාරුවයි ඔබේ ග්‍රහචාරයයි වාසනාවයි


2011 නොවැම්බර් මස 15 දින සෙනසුරු තුලා රාශියට මාරුවිය. නමුත් 2012 පෙබරවාරි මස 07 දින සෙනසුරු කන්‍යාවට වක්‍රව පැමිණ නැවත 2012 අගෝස්තු 04 වන දින තුලා රාශියට පැමිණියද ඔක්තෝබර් 15 දින සිට සෙනසුරු තම බලය තුලා රාශියේ පතුරුවනු ඇත. 2014 නොවැම්බර් මස 02 දක්වා සෙනසුරු තුලා රාශියේ සිටියි.

මේෂ, වෘෂභ, කටක, සිංහ, තුලා, ධනු, මකර, කුම්භ හිමියන්ට මෙම සෙනසුරු මාරුව සුබපල දෙනු ඇත.

මිථුන, කන්‍යා ලග්නකරුවන්ට මිශ්‍ර පල දෙනු ඇත.

වෘශ්චික, මීන ලග්නකරුවන්ට සුබපල හීන කරනු ඇත.

මූල, පුවසල, උත්‍රසල යන නැකත් වලින් උපන්නන්ට පීඩාකාරී බව තදින් නොදැනුනද, වෙහෙස දැනෙනු ඇත.

මේෂ ලග්නයට   සුබයි
සෙනසුරු 07වැන්නට යයි. සුබපල දෙන වෙනස්කම් රාශියක් ඇති වෙයි. විවාහයේ සහ ඥාති සබඳතා අතර පැවැතුන මතභේද ගැටුම් සමථයට පත්වෙනු ඇත. ස්වයං රැකියා, ව්‍යාපාර දියුණුවට පත්වෙයි. බොහෝ වෙනස්කම් ආර්ථිකය වෙනුවෙන් සිදුවෙනු ඇත. පමා වූ වැඩ කටයුතු අවසන් කිරීමට වාසනාව හිමි වෙයි.

වෘෂභ ලග්නයට  සුබයි
සෙනසුරු 06වැන්නට යයි. පැහැදිලි වෙනසක් මෙම කාලයේදී සිදුවෙනු ඇත. හතුරෝ පරාදවෙත්. රැකියා, ස්වයං රැකියා උසස් තත්වයට හා ව්‍යාපාර දියුණුවට කාලයකි. ධනය හිමිවන කාලයකි. ආදරය, විවාහයට සුබයි. වගකීම් දැරීමට සිදුවන අතර පැවැති අසනීප දුරුවෙනු ඇත. සැපෙන් විනෝදයෙන් කාලය ගත කිරිමට හැකි කාලයකි.

මිථුන ලග්නයට  අසුබයි
සෙනසුරු 05වැන්නට යයි. සුබපල මිශ්‍රයි. අනුන් සමග ඇති ව තිබූ ගිවිසුම් පොරොන්දු වෙනස්කම් ඇතිවෙයි. ඉක්මන්කම, හිතුවක්කාරි ගතිය නිසා වැඩ අවුල් වෙයි. නිෂ්ඵල ගමන් වැඩිවෙයි. අවසානයක් දකින්නට තිබූ කරදර ප්‍රශ්න නැවත හිස ඔසවනු ඇත. තම තත්වය පහත වැටෙයි. හීනමානයයි. උදරාබාධ රෝග වැඩිවෙයි. දුරදක්නා නුවණුන් සිහිබුද්දියෙන් වැඩ කලයුතු කාලයකි.
රවි, සඳු, මීන රාශියේ නම් සෙනසුරු අපලය වැඩියි.

කටක ලග්නයට  සුබයි
සෙනසුරු 04වැන්නට පිවිසෙයි. මෙම මාරුව පැහැදිලි සුබපල දෙනු ඇත. නිවාස, ඉඩම්, දේපල, භූමිය සම්බන්ධයෙන් පැවැති කරදර පහව යනු ඇත. නිරවුල් වෙයි. රැකියා, ව්‍යපාර කටයුතු දියුණුවෙයි. මුදල් කරදර අවසන් වෙයි. අඟහිඟ නැතිව යයි. රැකියාවේ පහසු ස්ථාන මාරුවීම් සහිතයි. උසස්වීම හිමියි.

සිංහ ලග්නයට    සුබයි
සෙනසුරු 03වැන්නට යයි. සුබයි. කරගෙන ආ වැඩ කටයුතු නැවතත් ආරම්භ කිරීමට සිදුවෙනු ඇත. ඒවා දියුණුවට පත්වෙනු ඇත. දේපල, ඉඩම් භූමි වාසනාවයි. තම අයිතිය තහවුරු වෙනු ඇත. රැකියා උසස්වීමයි. තනතුරු හිමිවෙන කාලයයි. නව මිතු සබඳතා ඇතිවෙයි. සුබපල දෙන කාලයකි.

කන්‍යා ලග්නයට අසුබයි
සෙනසුරු 02වැන්නට පිවිසෙනු ඇත. අනුන් සමග කරන ගනුදෙනු, ව්‍යාපාර, පොරොන්දු, ගිවිසුම් කරදරකාරී සහ වංචාවන්ට තුඩු දෙන නිසා කල්පනාවෙන් වැඩ කලයුතුයි. නැත්නම් එමගින් විවිධ කරදර ඇතිවෙනු ඇත. මුදල් නාස්තිවෙන ගමන් වැඩිවෙනු ඇත. පලක් නැති ගමන් ඇතිවෙයි. වැඩකට නැති, පලක් නැති අයගේ උපදෙස් අනතුරු සහිතයි. රැවටිලි වංචාකරුවන්ගෙන් ප්‍රවේශම් විය යුතුයි. විරුද්ධ ලිංග ඇසුර ප්‍රශ්න, කරදර, පීඩා ඇති කරනු ඇත. පවුලේ අවුල් වියවුල් වැඩිවෙනු ඇත. රවි, සඳු, මීන රාශියේ නම් කරදර එමටයි.

තුලා ලග්නයට   සුබයි
සෙනසුරු මාරුව ලග්නයටයි. පැහැදිලි සුබ වෙනසක් හිමි කාලයයි. නැවතී තිබූ වැඩ ආරම්භ වෙනු ඇත. උත්සාහයට ප්‍රතිපල හිමි කාලයයි. ආදායම ඉහලයයි. අත ගසන කටයුතු සාර්ථකයි. දුරදක්නා නුවණින් වැඩ කලොත් දිනුම අත ලඟයි.

වෘශ්චික ලග්නයට           අසුබයි
සෙනසුරු 12වැන්නට යයි. අසුබ කාලයයි. අසනීප, ධනහානි, කරන කියන වැඩට බාධා, අවහිර, කරදර කාලයයි.

ධනු ලග්නයට    සුබයි
සෙනසුරු මාරුව 11ටයි. ගතට සිතට සැනසුමයි. තම හිතුමතයට කරන වැඩ සාර්ථක වන කාලයයි. රැකියා තනතුරු නිලතල උසස්වීමයි. ව්‍යාපාර දියුණුවෙයි. මුදල්, වාසි ලබයි. දේශපාලන වැඩ දියුණුවෙයි. නාමය ප්‍රසිද්ධවෙයි.

මකර ලග්නයට  සුබයි
සෙනසුරු 10වැන්නට පිවිසෙනු ඇත. උත්සාහයේ තරමට ප්‍රතිපල හිමියි. සිත් තැවුල්, වේදනා, කරදර, නැතිව යනු ඇත. නව රැකියා, ව්‍යාපාර සුබයි. විපත්, කරදර දුරුවෙනු ඇත.

කුම්භ ලග්නයට  සුබයි
සෙනසුරු මාරුව 09වැන්නටයි. හතුරු කරදර, විපත්, කරදර පහව යනු ඇත. සිතේ සතුට වැඩිවෙයි. කරන කියන වැඩට ඇති බාධා ඉවත්වෙනු ඇත. පිනට දහමට සිත යයි. සිතේ සතුට පවති. සමාජයේ පිලිගැනීමට ලක්වෙනු ඇත. ධන වාසි, ඉඩම්, ලාභ හිමි කාලයයි.

මීන ලග්නයට    අසුබයි
සෙනසුරු 08වැන්නට යනු ඇත. සිත් පීඩා, කලකිරීම බහුල කාලයයි. අනතුරු සහිතයි. ශාරිරීක පීඩා, අසනීප, සිත් තැවුල් වැඩිවෙයි. නිකරුනේ ගමන් වැඩියි. නොකල වැරදි, බොරු චෝදනා ඇති වෙයි. මිළ, මුදල් නිකරුනේ වැය වෙනු ඇත. හදිසි විපත් අනතුරු ආබාධ කාලයයි.
මුල, පුවසල, උත්‍රසල පීඩා අඩුයි.
පුවපුටුප, උත්‍රපුටුප, රේවතී යේ උපත ලබා මාර්තු 15ත් අප්‍රේල් 15ත් අතර කාලයේ උපත ලබා ඇත්නම් බාධා, කරදර මරන කාලයයි. 

Comments

Popular posts from this blog

ඔබගේ කේන්දරයේත් මෙම යෝග තියෙනවාද ? ඔබ නොදන්නා යෝග හඳුනා ගන්න.

01 . තිලෝචන යෝගය - රවි සඳු ගුරු යන ග්‍රහයින් එකිනෙකට එකිනෙකාගෙන් ත්‍රිකෝණව පිහිටිමයි විරුද්ධවාදීන් භීතියට පත් කරනු ඇත . ධන බලය මානසික තත්වය බුද්ධිය නිසා සතුරු බල සේනා පරාද කරවනු ඇත . නිරෝගියි . ධනවත් වෙනු ඇත . උදා : රවි 01 ගුරු 06 සදු 09 02 . ගෞරි යෝගය - 09 වැන්නාධිපතියා ප්‍රබලව ශක්තිමත්ව කේන්දරස්ථානයේ ත්‍රිකෝණව පිහිටිමයි . උපත වැදගත් පරිසරයකයි . ඉඩකඩම් දේපල සතුවෙයි . විවාහකරුගෙන් මිතුරන්ගෙන් ඥාතින්ගෙන් නිසි ගරුත්වය හිමි වෙයි . යහපත් දරුවන් සමාජයේ උසස් තැන හිමිකර ගනියි . 03.ධන යෝගය - කටක ලග්නයේ ලග්නාධිපතියා ලග්නයේ පිහිටා කුජ ගුරු සංයෝග වීමයි . නැත්නම් දැක්මයි . සඳු ගුරු ලග්නයේ කුජ 07 වැන්නේය . ධන යෝග නමින් වු මෙම ග්‍රහ සංයෝගයට ධනය සම්බන්ධ වෙයි . සිතන්න බැරිතරම් ධනයකට උරුමයකට හිමිකමක් ලැබෙනු ඇත . 04 . චමර යෝගය - ලග්නාධිපතියා කේන්දරස්ථානයක උච්චව සිටින අතර දී ගුරු ග්‍රහයාගේ දැක්මට අසුවීමයි . උගත් චතුර කථාවයි . කථිකත්වයට සහජ හැකියාවයි . ආගමික කරුණු පිලිබඳව දැනුමයි . ඒ පිලිබඳව ප්‍රසිද්ධියට පත්වෙයි . 05 . භාරතී යෝගය - 02 05 11 අධිපතියෝ 09වැන්නා...

නැකතෙන් කියැවෙන ස්ත්‍රියගේ ගති පැවතුම්

ජන්මියෙකු මෙලොව ඉපදෙන විට යම් නැකතකට අයත් වෙයි. නැකත් පන්තිය ගණනින් 27ක් වන අතර ඒ ඒ නැකත් අනුව ස්ත්‍රින්ගේ ගතිපැවතුම් සහ ක්‍රියා පිළිවෙත් ද එකිනෙකට වෙනස් වෙයි. කේන්දරයකට හෝ නැකතකට හෝ අයහපත් ගති අපල කියු පමණින්ම ඒ මතයේම නොසිට තමාගේ යහපත් ගති වැඩිදියුණු කර ගැනීමට හා පවතින හානි අවම කර ගැනිමට අපේ උගත් ස්ත්‍රියකට බුද්ධිය නුවණ ඇති අතර මේ ලබන්නාවු සිංහල අවුරුදු සමයේ දී ඔබගේ යම් යම් අඩු පාඩු ගති මගහරවා ගෙන ජීවිතය යහපත් ලෙස වැඩි දියුණු කර ගැනීමට අවස්ථාවක් මේ ලිපියෙන් ලැබෙනු ඇත. අස්විද නැකත අස්විද නැකතෙන් උපන් ස්ත්‍රිය ලස්සනයි. රන් ආභරණයට කැමැති යහපත් ප්‍රිය වචන කතා කරයි. ධනවත්ය. මාපිය උපකාර හිමි ඇය සැම දෙනා සමගින් සතුටින් සිටීමට උත්සාහ දරයි. පිරිසිඳුකම අගයන අතර දැහැමියි. විවාහයේදි සැමියාට දරුවන්ට මහත් ආදරය දක්වනු ඇත. අස්විද නැකතේ සංස්කෘත නාමය “ අශ්විනි ” වන අතර නැකතට අධිපති දේවතාවා “ අශ්විනි කුමාර ” නමින් හැදින්වෙයි. බෙරණ නැකත බෙරණ නැකතෙන් උපන් ස්ත්‍රිය ගේ සිත චංචලයි. දුෂිතයි. ධන හීනයි. අපිරිසිඳුයි. කළහයට නිතර කැමැත්ත දක්වයි. විවිධ රසවත් ආහාරයට කැමැතියි. අපහාස නින්දාව ලබයි. ...

නව නිවසක් සැදීමේදී උපදෙස්…….

අළුතෙන් නිවාසයක් තැනීමේ දී වාස්තු විද්‍යානුකුලව යම් යම් චාරිත්‍රයන් අනුගමනය කිරීමට අපට සිදුවෙයි . මෙම චාරිත්‍ර සිරිත් අද ඊයේ ආරම්භ වුවාක් නොව ඈත අතීතයේ සිටම පැවැත ආ බව ඉතිහාසය සාක්ෂි දරයි . නව නිවසක් තැනිමේ දි ප්‍රධානතම කාර්යය වන්නේ සුදුසු කාලයේ දි පමණක් නිවාස තැනීමයි . සෑම මාසයකම නැකත් සහ ශුභ කාලයන් තිබුන ද නිවාස කටයුතු ආරම්භ කළ නොහැක . සමහරෙක් මෙම චාරිත්‍ර සිරිත් නොතකා නිවාස සැදීමට ගොස් පසුව නිවාස සැදීම අත්හැර දමති , අත්තිවාරමට පමණක් සිමා වු නිවාස ද , අඩක් නිමකළ නිවාස ද , වල්බිහි ව අත්තිවාරම වැසෙන සේ ගස් කොලන් බිහි ව ඇති නිවාස ද මේ අතර වෙයි . මෙම දෝෂ ඇති නිවාස ආරම්භ දෝෂ යනුවෙන් වාස්තු විද්‍යාවේ හදුන්වයි . සුර්යයා මීන මිථුන කන්‍යා ධනු රාශිවල ගමන් කරනා කාළය කෝණ මාස යනුවෙන් හැදින්වෙයි . මෙම කාලයේ නිවාස ඉදිකිරිම් කටයුතු නොකරයි . යමෙක් මෙම කෝණ මාසයේ නිවාස වැඩ ආරම්භ කරයි ද , අතරමග ඇන හිටිනු ඇත . නිවසේ අය අසනිප විම , ණයවීම ණය ගෙවා ගැනීමට තිඛෙන නොහැකියාව , නිවාස සාදන කම්කරුවන් සේවකයින් වැඩට නොපැමිනීම ආදි හේතුන් අළුතෙන් සාදන නිවස ස්ථිරත්වයට පත්වීමට බාධා ඇති වෙයි . මීන ක...