01 . තිලෝචන යෝගය - රවි සඳු ගුරු යන ග්‍රහයින් එකිනෙකට එකිනෙකාගෙන් ත්‍රිකෝණව පිහිටිමයි විරුද්ධවාදීන් භීතියට පත් කරනු ඇත . ධන බලය මානසික තත්වය බුද්ධිය නිසා සතුරු බල සේනා පරාද කරවනු ඇත . නිරෝගියි . ධනවත් වෙනු ඇත . උදා : රවි 01 ගුරු 06 සදු 09 02 . ගෞරි යෝගය - 09 වැන්නාධිපතියා ප්‍රබලව ශක්තිමත්ව කේන්දරස්ථානයේ ත්‍රිකෝණව පිහිටිමයි . උපත වැදගත් පරිසරයකයි . ඉඩකඩම් දේපල සතුවෙයි . විවාහකරුගෙන් මිතුරන්ගෙන් ඥාතින්ගෙන් නිසි ගරුත්වය හිමි වෙයි . යහපත් දරුවන් සමාජයේ උසස් තැන හිමිකර ගනියි . 03.ධන යෝගය - කටක ලග්නයේ ලග්නාධිපතියා ලග්නයේ පිහිටා කුජ ගුරු සංයෝග වීමයි . නැත්නම් දැක්මයි . සඳු ගුරු ලග්නයේ කුජ 07 වැන්නේය . ධන යෝග නමින් වු මෙම ග්‍රහ සංයෝගයට ධනය සම්බන්ධ වෙයි . සිතන්න බැරිතරම් ධනයකට උරුමයකට හිමිකමක් ලැබෙනු ඇත . 04 . චමර යෝගය - ලග්නාධිපතියා කේන්දරස්ථානයක උච්චව සිටින අතර දී ගුරු ග්‍රහයාගේ දැක්මට අසුවීමයි . උගත් චතුර කථාවයි . කථිකත්වයට සහජ හැකියාවයි . ආගමික කරුණු පිලිබඳව දැනුමයි . ඒ පිලිබඳව ප්‍රසිද්ධියට පත්වෙයි . 05 . භාරතී යෝගය - 02 05 11 අධිපතියෝ 09වැන්නා...
Comments
Post a Comment