සිංහල
ජාතියේ අති උත්කර්ෂවත් මහා මංගල්‍යයක් වන සූර්යයා මීන රාශියේ සිට මේෂ රාශියට
පැමිණීමෙන් උදාවන අලුත් අවුරුද්ද ග්‍රහ මණ්ඩලයේ ප්‍රධානතම ග්‍රහයා වන රවි මුල්කර
සිදුවන ක්‍රියාදාමයකි. මෙය ජ්‍යොතිෂය මත පදනම් කරගෙන සිදුවන මහා මංගල්‍යයකි. නව
වසර සමගින් සිදුවන නැකත් හා බැඳුණු සිරිත් විරිත් පෙළහැරකින් ශක්තිමත් වන සිංහලයාගේ
මහා සංස්කෘතික මංගල්‍යමය වන බක් මහ උළලේදි බුලත් අතට හිමිවන්නේ සුවිශේෂි ස්ථානයකි.
මෙම සැබැඳියාව පුරාණයේ සිටම පැවත එන අතර එය ප්‍රබල චාරිත්‍රයකි.
සුර්යයා
මීන රාශියෙන් මේෂ රාශියට සංක්‍රමණය වන අවස්ථාවේදී සිංහලයින් තම නිවස ඉදිරිපිට මල්
පැලක් සාදා බුලත් පහන් තබන්නේ සෞභාභග්‍යය සංකේතවත් කිරීමටය. මහා සම්මත රජ දවස නා
ලොවින් මෙම මිහිතලයට ගෙන එන ලදැයි පොතපතෙහි සඳහන් බුලත අද දින වනවිට ජන්මියෙකුගේ
උපතේ සිට මරණය දක්වාත් මරණයෙන් පසුවත් කරනු ලබන සිංහල චාරිත්‍රවලදි අත්‍යාවශ්‍යම
දෙයක් බවට පත්වී ඇත.
බටහිර
යුරෝපියන්ගේ යම් යම් සිරිත් විරිත් මත නාගරික කාර්‍යබහුල ජනයා මෙම සිංහළ චාරිත්‍ර
නගරයෙන් ඈත් කරමින් සිටියද අදත් ග්‍රමීය ගොවිජනතාව සිංහළයේ උරුමය රකිමින් එදා සිට
පැවත ආ චාරිත්‍ර වාරිත්‍ර නිසි පිළිවෙත් අනුව සිදු කරති. ගමේ විහාරස්ථානයේ නායක
ස්වාමින් වහන්සේට බුලත් අතක් පිරිනමා ලැබු නව වසර වෙනුවෙන් ආශිර්වාද ලබා ගැනීම ග්‍රාමීය
ප්‍රදේශවල අදත් සිදුවෙමින් පවතියි.
පවුලේ
බිළිඳෙකු අලුත උපන් අවස්ථාවේ වේලාපත්කඩ නැත්නම් කේන්දරය සාදවා ගෙන සුබපල දෙන
නාමයත් සාදවා ගැනීමට බුලත් අතක් රැගෙන දෛවඥ මහතා වෙත යන පවුලේ වැඩිහිටියෝ ඉන්පසු
බිළිඳාගේ ඉඳුල් කටගෑමේ නැකත,
හිසකෙස් කැපීමේ නැකත, කන්විදීමේ නැකත,
අකුරු කියවීමේ නැකත, මළ්වරයට පැමිණිමේ නැකත ආදි සියල්ලටම බුලත් අත සම්බන්ධ වී
ඇත. දරුවා අකුරු කියවීමට පාසලට යාමේදී ගුරුමාපියන්ට බුලත් අතක් රැගෙන පාසල් යාමට
දරුවා සමගින් මාපියෝ අමතක නොකරති.
ආදරණීය
දූ දරුවන් ඥාතින් පවුලේ මාපිය වැඩිහිටියන් බැහැදැකීමට නිවසට මේ අවුරුදු සමයේ
පැමිණෙන්නේ තෑගි බෝග සමග බුලත් අතක් රැගෙනය. බුලත් අත දී දෙමාපිය පා නමදින විටත්
තම බිරිඳ බුලත් අත දී ස්වාමියා ගේ පා නමදින විටත් ඇතිවන මානසික සතුට ප්‍රීතිය
වචනයෙන් කියා නිම කළ නොහැකි අවස්ථාවකි.
බුලතින්
තොර හෙළයේ චාරිත්‍ර විධියක් අපට නොමැති
තරම්ය. ඥාතින් අතර නෑගමන් යනවිටත් ගෙවීගිය අවුරුද්දේ ඇති වු අමනාපකම් අඩදබර
කෙනෙහිළි අමතක කර නැවත අළුත් හිතවත්කම ඇතිකර ගැනීමට බුලත් අත අතට දී දෙපා නමදිමින්
සමාව අයදීමටද බුලත් අත පෙරදැරි කරගෙන යාමට අමතක නොකරති.
සුබ
නැකතින් විවාහ මංගල ආරාධනාව කරනු ලබන්නේ මංගල බුලත් දීමෙනි. විවාහ මංගල සභාවකදී
බුලත් ඉලත්තට්ටුවක් (බුලත් තට්ටුව) මත තබා මනාළිය වෙනුවෙන් මනාළයාට මුදල් පරිත්‍යාග
කරයි. අපේ බුලත් තට්ටුවට මැලේසියානුවන් සිරිත් පෙට්ටිය කියත්. විසිතුරු නිමාවෙන්
යුත් ඒ පෙට්ටියේ බුලත් කෑමට අවශ්‍ය සියළු දෙයම ඇතුලත් කර ඇත.
බෝවන
රෝගයන් වන පැපොල සරම්ප කම්මුල්ගාය වැනි රෝගයන් ග්‍රාමීය පෙදෙස්වල පවතින විට තම
නිවස ඉදිරිපිට වැට අයිනේ හෝ උළුවැස්සේ දොරකඩ කොහොඹ අත්තක් සමගින් බුලත් වැලක
කොටසක් එල්ලා පෙන්වන්නේ තම නිවසට පිටස්තර අයට නොපැමිණෙන ලෙසට කරනු ලබන හැඟවීමක්
ලෙසිනි. තම නිවසේ මරණයක් පවතින විට පැමිණි පිටස්තර ආගන්තුකයන්ට තම පවුලේ ශෝකය දුක
කණගාටුව සංකේතවත්ව පළකිරිමට බුලත් වට්ටිය උඩයට හරවා පිළිගන්වයි.
සූර්‍ය
ග්‍රහ මණ්ඩලයේ පාපයින් කොටසක් වන සෙනසුරු රාහු කේතු අපළ උපද්‍රව වලින් ඇතිවෙන්නාවු
කරදර බාධාවලින් සිතට මානසික සුවය ලැබීමට පවත්වන බෝධිපුජාවලදී ද බුලත් අවශ්‍ය වෙයි.
ග්‍රහයින් අතරින් නවග්‍රහ අපළ සඳහා කරන පුද පූජා වලදි නව ග්‍රහයින්ට දල්වන පහන්
නවය තබන්නේ ද කහ වතුරෙන් සෝදා ගත් බුලත් නවයක් මතයි. දේවාල වලදී දෙවියන්ට පුද පූජා
පවත්වන විට පුජා වට්ටිවල නැවුම් පළතුරු ආදිය තබා පිලිගන්නේද බුලත් කොළ මතය.
ජ්‍යොතිතිෂය
හා බැදුණු නිමිති ශාස්ත්‍රබයේ දි නිමිත්ත බැලීමට පැමිණෙන අය බුලත් අතක් රැගෙන යයි.
එහි ඇති බුලත් කොළ ගණනින් පැමිණි කරුණ පැහැදිළි කිරීමේ දක්ෂ දෛවඥයෝ අදත් ගම්වල
සිටිත්.
බුදුරජාණන්
වහන්සේගේ දෙතිස් මහා පුරුෂ ලක්ෂණ අතරෙන් දන්ත 40ක් තිබුණ බවත් උන්වහන්සේට ගෞරව
කිරීමක් වශයෙන් බුලත් අතකට කොළ 40ක් ගැනීම එදාත් අදත් පවතින සිරිත් අතරින්
විශේෂයකි. බුද්ධ පුජාවට බුලත් කොළ 40ක්ද,
දෙමාපියන්ට දෙන බුලත් අතෙහි කොළ 40 ක්ද, විවාහයකදි
මනාළියගේ ඇවැස්ස මස්සිනා විසින් මනාළියගේ අත ගන්නා මනාළයාට බුලත් කොළ 40ක අතක්
පිරිනමයි. මෙයින් කියැවෙන්නේ සිය කැමැත්තෙන්ම මනාළියට තිබෙන කැමැත්ත අත්හරින බවයි.
ආයුර්වේදයේ
සඳහන් වන අන්දමට බුලත් හඳුන්වා ඇත්තේ ඖෂධීය ගුණයන් 13ක් ඇති රෝග ගණනාවක් සුවකළ
හැකි විශ්ව ශක්තියක් බුලතේ ඇති බවයි. බුලත් විෂබීජ නාශකයක් මෙන්ම ආහාර දිරවීමට ද
ගනියි. ගමේ ගොඩේ දී සාමාන්‍ය බඩේ
කැක්කුමකදි බුලත් කොළයක් මද ගින්නෙන් රත්කර යටිබඩ ප්‍රදේශයේ තැබීමෙන් සුවය ලැබෙයි.
ඒ වාගේම බුලත් කොළයක් විකා ඉස්ම ගිලිමෙන්ද සාමාන්‍ය බඩේ කැක්කුමට හොඳ ප්‍රතිකාරයකි.
දේව
පුජාවකදී බුලත් කොළ 35ක්ද,
බෝධි පුජාවකදී බුලත්කොළ 12ක්ද, ග්‍රහ
අපළ පූජාවකදී බුලත් කොළ 09ක්ද,
ගන්නා අතර සරුප කරදරයෙන් විපතින් බේරීමට ලුණුකැට 03ක්
දියකර බුලත් කොළයක් ගොටුවක්සේ සාදා ඊට දමා බුලත් ගොටුවට 03 වරක් කෙළ ගසා තම පයේ
මහපැටැන්ඟිල්ලට හළා ගමනේ යනු කිසිම සරුප උවදුරක් ඇති නොවේ. මහා වනන්තරයේ ගමන්යාමේදී
වල් අලින් ගෙන් බේරීමට බුලත් කොළ 03ක් ගෙන “නාලාගිරිං ගජවරං”
යන ගාථාව 03 වරක් කියා හරවා අලියා ඉදිරියේ දමනු. වල්
අලියා ඒ අසලින් වත් නොයයි.
එසේම
අමාවක් පෝය දිනයකදි බුලත් කොළ 09 ක් ගෙන මන්ත්‍ර නොමැතිව කරන විපත් ද ඇති අතර රවි
දින රවි හෝරාවෙන් බුලත් කොළ 35 ක් රැගෙන ඕනෑම මැති අමැති ආචාර්‍යයෙක් ලඟට යාමෙන්
තම සිතැඟි පරිදි කාරණාව ඉටුවෙනු ඇත.
අද
තාක්ෂණයේ විපරියාසයෙන් නාගරිකරණයට හසුව බුලත් ඉලත්තට්ටුව නිවසින් ඉවතට ගියද, ග්‍රාමීය
සිංහළ වර්ගයා මේ මහපොළව මත ජීවත්වනතුරු ආදි කාළයේ සිට පැවත ආ මහා සිංහළයේ සිරිත්
විරිත් අතරින් බුලත් කොළය අප අතරින් සමු නොගනු ඇත. මේ අනුව බලන විට එදා සිට බුලත
අප ජිවිත සමගින් එකට බැඳී පවත්නා උතුම්වු වස්තුවක් බව පැහැදිලිවම පෙනෙයි. බුලත
සිංහල අපගේ සෞභාග්‍යයේ සංකේතයයි.
Comments
Post a Comment