Skip to main content

මැයි මාසය ඔබේ ලග්නයට කොහොමද?

මේෂ ලග්නය
ඔබේ ලග්නයට මෙම මාසය ඉතාම සුබයි. රවි, බුධ, ගුරු ලග්නගතව සහ කුජ ත්‍රිකෝණව පිහිටි හේතුවෙන් කරන කියන කටයුතු බොහොමයක් සාර්ථක වෙනු ඇත. සම්මුඛ පරීක්ෂණ, විභාග, තරඟ ආදියෙන් ජය හිමිවෙයි. ඉගෙනුම කටයුතු තුලින්ද ජයහිමියි. ව්‍යාපාර සහ ස්වයං රැකියාවන්ගෙන් ආදාyaම ඉහල යනු ඇත. සමාජ ගරුත්වය හිමිවන අතර පවුලේ සතුට හිමි මාසයකි. ඇසුරු කරන අයගෙන්ද කරදර නොවන අතර ආදර ප්‍රේම සබඳතා යහපත් විදෙස් ගමන් සුබපල දෙනු ඇත.

වෘෂභ ලග්නය
ඔබේ ලග්නයට මෙම මාසය සිකුරු ලග්නගතව සහ 09 වැන්නාධිපති 06 වැන්නේ ගෝචරය වීම සුබපල මිශ්‍රව ඵල උදාවන අතර උත්සාහයේ තරමට ඵල දෙනු ඇත. සම්මුඛ පරීක්ෂණ විභාග තරඟ ආදියෙන් ජය හිමිවෙයි. නමුත් වැය පස ඉහළයනු ඇත. හවුල් කටයුතු ප්‍රවේශමෙන් නිසි අවබෝධයෙන් කිරීමෙන් අලාභ, හානි අවම කර ගත හැකිවෙනු ඇත. 07වැන්නේ සඳු රාහුට කේතුගේ දැක්ම හේතුවෙන් ආදර කටයුතු වලදී ඉතාම ප්‍රවේශම් වන්න. නැත්නම් වෙන්වීම් සමගින් චිත්ත පීඩා ඇතිවෙනු ඇත.
 
මිථුන ලග්නය
ඔබේ ලග්නයට මෙම මාසය ලග්නාධිපති බුද සමග ගුරු 11 වැන්නේ පිහිටීම ඉතාම සුබයි. කරන කියනා කටයුතු සාර්ථක වෙයි. ඉගෙනුමට පැවැති බාධා අවහිර ඉවත්වෙයි. නිදහසේ රැකියා කටයුතු කරගෙන යාමට සිදුවීම සිතට සහනයක් දෙනු ඇත. පමාවු විදෙස් ගමන් සාර්ථක වෙයි. සිකුරු 12 වැන්නේ කේතු සමග නිසා ආදර කටයුතු, විවාහ සබඳතා පළුදු වීම හේතුවෙන් චිත්ත පීඩා ඇති වෙනු ඇත.
 
කටක ලග්නය
ඔබේ ලග්නයට මෙම මාසය රවි, බුද, ගුරු 10 වැන්නේ මේෂ රාශියේ ගමන නිසා සුබ ඵල දෙනු ඇත. උත්සාහයේ ඵල හිමිවෙනු ඇත. සිතට සැනසුමයි. ඉගෙනුම් කටයුතු, සම්මුඛ පරීක්ෂණ, විභාග, තරnnga ආදියෙන් ජය හිමිවෙයි. රැකියා උසස්වීම්, ව්‍යාපාර, ස්වයං රැකියාවන්ගේ ආදායම් තත්වය යහපත්. විදෙස් ගමන් සාර්ථකයි. භුමියෙන් ද වාසනාව හිමියි. කෘෂි කටයුතු සාර්ථකයි. ආදර සබඳතා ඇතිකර ගැනුමට, විවාහ කටයුතු සුබයි.
 
සිංහ ලග්නය
ඔබේ ලග්නයට මෙම මාසය කුජ ලග්නයේ ගමන හේතුවෙන් බාධා බිඳගෙන තම අරමුණ ඉටුකර ගත හැකිවෙනු ඇත. බුධ, ගුරු 09 වැන්නේ නිසා ඉගෙනුම් කටයුතු සිතු අයුරින් සියල්ල ඉටු වෙනු ඇත. සම්මුඛ පරීක්ෂණ විභාග තරග ආදියෙන් ජය හිමිවෙයි. රැකියා දියුණුවට පත්වේ. ආදායම ඉහළ යන අතර යාන, වාහන ඉඩම් මිළදී ගැනුමට සුබ මාසයකි. පමාවු විදෙස් ගමන් සාර්ථකයි. ආදර කටයුතු නිසා සිත් වේදනා පීඩා ඇතිවෙනු ඇත.
 
කන්‍යා ලග්නය
ඔබේ ලග්නයට මෙම මාසය ලග්නාධිපති සමගින් හත්වැන්නාධිපති බුධ ගුරු 08 වැන්නේ ගමන බාධා සහිතයි. කුජ 12 වැන්නේ ගමනත් පීඩාකාරි වෙනු ඇත. හදිසි ගමන් බිමන් කල්පනාවෙන් නිරතවීම කලයුතුයි. චිත්ත පීඩා, කරදර, ශළ්‍යකර්ම ආදියට බොහෝ ඉඩ ඇත. අනවශ්‍ය දෙයට මුදල් වැයවෙනු ඇත. ව්‍යාපාර, රැකියා කටයුතු වලdhee ඉතාම ප්‍රවේශම් විය යුතුයි. ලග්නය දෙපස කුජ සහ සෙනසුරුගේ ගමන හේතුවෙන් ආදර සබඳතා, විවාහ කටයුතු, අනියම් සබඳතා, මහත් ප්‍රශ්න ඇතිවෙනු ඇත.
 
තුලා ලග්නය
ඔබේ ලග්නයට මෙම මාසය රාහු, කේතු ගමන මිශ්‍ර ඵල ලබමින් නීතිමය වශයෙන් සිතට යම් සහනයක් ලැබෙනු ඇත. බාධා කරදර නොතකා ඉදිරියට ගියද කලබලකාරීත්වය චිත්ත පීඩා දෙනු ඇත. ඉගෙනුමට තරමක් බාධාවෙයි. ව්‍යාපාර, ස්වයං රැකියා කටයුතු උසස් වන අතර ණය ආදියෙන් නිදහස් වෙනු ඇත. විදෙස් ගමන් හෝ විදෙස්ගත අයගෙන් උපකාරි හිමියි. මෙම මසදි ඔබේ ගත් ආදර සබඳතා තීරණ නැවත සිතන්නේ නම් යහපත්.

වෘශ්චික ලග්නය
ඔබේ ලග්නයට මෙම මාසය ලග්නාධිපති කුජ 05 වැන්නේ ද රවි මේෂ රාශියේද ගමන ඉතාම සුබයි. උත්සාහයේ තරමට වැඩි පල ලැබෙනු ඇත. ඉගෙනුම් කටයුතු, සම්මුඛ පරීක්ෂණ, විභාග තරග ආදියෙන් ජය හිමියි. ව්‍යාපාර ස්වයං රැකියාවන්ගෙන් ආදායම ඉහළ යනු ඇත. නව රැකියා උසස්වීම් සමගින් විදෙස් ගමන් ඉතාම සාර්ථක වෙනු ඇත. සිකුරු කේතු සමගින් 10 වැන්නේ නිසා ආදර සබඳතා කටයුතු කල්පනාවෙන් චිත්ත පීඩාවට ඉඩ ඇත.
 
ධනු ලග්නය
ඔබේ ලග්නයට මෙම මාසය ලග්නාධිපති ගුරු 05 වැන්නේ රවි සමගින් ගමන ඉතාම සුබයි. ඉගෙනුම් කටයුතු බාධාවන්ගෙන් තොරව සිදුකර කරගත හැකි වෙනු ඇත. ව්‍යාපාර ස්වයං රැකියා කටයුතු වලින් උපරිම ලාභ ලැබෙනු ඇත. ආර්ථිකය යහපත්. රැකියා උසස්වීම්, නව රැකියා ලැබෙන කාල සීමාවකි. පමාවු විවාහයට වැඩිහිටි ආශිර්වාදය කැමැත්ත හිමිවන අතර සිතට සහනයක් ලැබෙනු ඇත.
 
මකර ලග්නය
ඔබේ ලග්නයට මෙම මාසය ලග්නාධිපති සෙනසුරු 10 වැන්නේද, 10 වැන්නාධිපති සිකුරු 05 වැන්නේද, ගමන මිශ්‍ර පලාපල දෙන මාසයකි. ආත්ම විශ්වාසයෙන් තහවුරු කර ගන්න ඉගෙනුම කටයුතු වලට වඩා විනෝදයට සිත ඇදි යාමෙන් පොතපත කෙරෙහි ඇල්ම අඩුවෙනු ඇත. ආදායමට වඩා වැය පස ඉහළ යනු ඇත. පමාවු විදෙස් ගමනට අත ගැසීමෙන් සාර්ථක වෙනු ඇත. ආදර සබඳතා බාධාවයි. කටයුතු කල්පනාවෙන්.
 
කුම්භ ලග්නය
ඔබේ ලග්නයට මෙම මාසය රාහු කේතු 04 10 වැන්නේ ගමන හේතුවෙන් මිශ්‍රපල ලබා දෙනු ඇත. ඉවසීමෙන් සහ දුරදක්නා නුවනින් කටයුතු කිරීමෙන් පීඩා අවම කරගත හැකිවෙනු ඇත. ඉගෙනුම කටයුතු වලට මුල්තැන දී සිත යොමු කළහොත් යහපත් පල ලැබෙනු ඇත. වැය පස ඉතාම ඉහළ යාමෙන් ආර්ථිකයට කරදර බාදා ඇති වෙයි. ව්‍යාපාර, ස්වයං රැකියා කටයුතු කල්පනාවෙන් විවාහ මංගල කටයුතු වලට සුබ කාලයයි.
 
මීන ලග්නය
ඔබේ ලග්නයට මෙම මාසය මිශ්‍ර පලාපල දෙනු ඇත. ඉගෙනුම කටයුතු වලට තරමක් බාධා පවතින නිසා උත්සාහයෙන්, මහන්සියෙන් කිරීමට සිතට ගත යුතුයි. ගනුදෙනු වලදී ප්‍රවේශම් විය යුතුයි. වැය පස පහළ යනු ඇත. රැකියා, තනතුරු උසස්වීමට ඉඩ ඇතත්, රහස් සතුරු කරදර බලවේගද ක්‍රියාත්මකයි. ආදර සබඳතා විවාහ කටයුතු සම්බන්ධයෙන් චිත්ත පීඩා තවමත් පවතිනු ඇති නිසා දුරදක්නා නුවනින් සිහි බුද්ධියෙන් කටයුතු කරන්න.

Comments

Popular posts from this blog

ඔබගේ කේන්දරයේත් මෙම යෝග තියෙනවාද ? ඔබ නොදන්නා යෝග හඳුනා ගන්න.

01 . තිලෝචන යෝගය - රවි සඳු ගුරු යන ග්‍රහයින් එකිනෙකට එකිනෙකාගෙන් ත්‍රිකෝණව පිහිටිමයි විරුද්ධවාදීන් භීතියට පත් කරනු ඇත . ධන බලය මානසික තත්වය බුද්ධිය නිසා සතුරු බල සේනා පරාද කරවනු ඇත . නිරෝගියි . ධනවත් වෙනු ඇත . උදා : රවි 01 ගුරු 06 සදු 09 02 . ගෞරි යෝගය - 09 වැන්නාධිපතියා ප්‍රබලව ශක්තිමත්ව කේන්දරස්ථානයේ ත්‍රිකෝණව පිහිටිමයි . උපත වැදගත් පරිසරයකයි . ඉඩකඩම් දේපල සතුවෙයි . විවාහකරුගෙන් මිතුරන්ගෙන් ඥාතින්ගෙන් නිසි ගරුත්වය හිමි වෙයි . යහපත් දරුවන් සමාජයේ උසස් තැන හිමිකර ගනියි . 03.ධන යෝගය - කටක ලග්නයේ ලග්නාධිපතියා ලග්නයේ පිහිටා කුජ ගුරු සංයෝග වීමයි . නැත්නම් දැක්මයි . සඳු ගුරු ලග්නයේ කුජ 07 වැන්නේය . ධන යෝග නමින් වු මෙම ග්‍රහ සංයෝගයට ධනය සම්බන්ධ වෙයි . සිතන්න බැරිතරම් ධනයකට උරුමයකට හිමිකමක් ලැබෙනු ඇත . 04 . චමර යෝගය - ලග්නාධිපතියා කේන්දරස්ථානයක උච්චව සිටින අතර දී ගුරු ග්‍රහයාගේ දැක්මට අසුවීමයි . උගත් චතුර කථාවයි . කථිකත්වයට සහජ හැකියාවයි . ආගමික කරුණු පිලිබඳව දැනුමයි . ඒ පිලිබඳව ප්‍රසිද්ධියට පත්වෙයි . 05 . භාරතී යෝගය - 02 05 11 අධිපතියෝ 09වැන්නා...

නැකතෙන් කියැවෙන ස්ත්‍රියගේ ගති පැවතුම්

ජන්මියෙකු මෙලොව ඉපදෙන විට යම් නැකතකට අයත් වෙයි. නැකත් පන්තිය ගණනින් 27ක් වන අතර ඒ ඒ නැකත් අනුව ස්ත්‍රින්ගේ ගතිපැවතුම් සහ ක්‍රියා පිළිවෙත් ද එකිනෙකට වෙනස් වෙයි. කේන්දරයකට හෝ නැකතකට හෝ අයහපත් ගති අපල කියු පමණින්ම ඒ මතයේම නොසිට තමාගේ යහපත් ගති වැඩිදියුණු කර ගැනීමට හා පවතින හානි අවම කර ගැනිමට අපේ උගත් ස්ත්‍රියකට බුද්ධිය නුවණ ඇති අතර මේ ලබන්නාවු සිංහල අවුරුදු සමයේ දී ඔබගේ යම් යම් අඩු පාඩු ගති මගහරවා ගෙන ජීවිතය යහපත් ලෙස වැඩි දියුණු කර ගැනීමට අවස්ථාවක් මේ ලිපියෙන් ලැබෙනු ඇත. අස්විද නැකත අස්විද නැකතෙන් උපන් ස්ත්‍රිය ලස්සනයි. රන් ආභරණයට කැමැති යහපත් ප්‍රිය වචන කතා කරයි. ධනවත්ය. මාපිය උපකාර හිමි ඇය සැම දෙනා සමගින් සතුටින් සිටීමට උත්සාහ දරයි. පිරිසිඳුකම අගයන අතර දැහැමියි. විවාහයේදි සැමියාට දරුවන්ට මහත් ආදරය දක්වනු ඇත. අස්විද නැකතේ සංස්කෘත නාමය “ අශ්විනි ” වන අතර නැකතට අධිපති දේවතාවා “ අශ්විනි කුමාර ” නමින් හැදින්වෙයි. බෙරණ නැකත බෙරණ නැකතෙන් උපන් ස්ත්‍රිය ගේ සිත චංචලයි. දුෂිතයි. ධන හීනයි. අපිරිසිඳුයි. කළහයට නිතර කැමැත්ත දක්වයි. විවිධ රසවත් ආහාරයට කැමැතියි. අපහාස නින්දාව ලබයි. ...

නව නිවසක් සැදීමේදී උපදෙස්…….

අළුතෙන් නිවාසයක් තැනීමේ දී වාස්තු විද්‍යානුකුලව යම් යම් චාරිත්‍රයන් අනුගමනය කිරීමට අපට සිදුවෙයි . මෙම චාරිත්‍ර සිරිත් අද ඊයේ ආරම්භ වුවාක් නොව ඈත අතීතයේ සිටම පැවැත ආ බව ඉතිහාසය සාක්ෂි දරයි . නව නිවසක් තැනිමේ දි ප්‍රධානතම කාර්යය වන්නේ සුදුසු කාලයේ දි පමණක් නිවාස තැනීමයි . සෑම මාසයකම නැකත් සහ ශුභ කාලයන් තිබුන ද නිවාස කටයුතු ආරම්භ කළ නොහැක . සමහරෙක් මෙම චාරිත්‍ර සිරිත් නොතකා නිවාස සැදීමට ගොස් පසුව නිවාස සැදීම අත්හැර දමති , අත්තිවාරමට පමණක් සිමා වු නිවාස ද , අඩක් නිමකළ නිවාස ද , වල්බිහි ව අත්තිවාරම වැසෙන සේ ගස් කොලන් බිහි ව ඇති නිවාස ද මේ අතර වෙයි . මෙම දෝෂ ඇති නිවාස ආරම්භ දෝෂ යනුවෙන් වාස්තු විද්‍යාවේ හදුන්වයි . සුර්යයා මීන මිථුන කන්‍යා ධනු රාශිවල ගමන් කරනා කාළය කෝණ මාස යනුවෙන් හැදින්වෙයි . මෙම කාලයේ නිවාස ඉදිකිරිම් කටයුතු නොකරයි . යමෙක් මෙම කෝණ මාසයේ නිවාස වැඩ ආරම්භ කරයි ද , අතරමග ඇන හිටිනු ඇත . නිවසේ අය අසනිප විම , ණයවීම ණය ගෙවා ගැනීමට තිඛෙන නොහැකියාව , නිවාස සාදන කම්කරුවන් සේවකයින් වැඩට නොපැමිනීම ආදි හේතුන් අළුතෙන් සාදන නිවස ස්ථිරත්වයට පත්වීමට බාධා ඇති වෙයි . මීන ක...