Skip to main content

ග්‍රහයින් ඇති කරනා ලෙඩ රෝග - මේෂ රාශියට බලපාන හැටි

සිංහල ජාතියේ අති උත්කර්ෂවත් මහා මංගල්‍යයක් වන සුර්යයා මීන රාශියේ සිට මේෂ රාශියට පැමිණීමෙන් උදාවන අලුත් අවුරුද්ද ග්‍රහ මණ්ඩලයේ ප්‍රධානතම ග්‍රහයා වන රවි මුල්කර සිදුවන ක්‍රියාදාමයකි. මෙය ජ්‍යොතිෂය මත පදනම් කරගෙන සිදුවන මහා මංගල්‍යයකි. සුර්ය ග්‍රහ මණ්ඩලයේ අධිපති ප්‍රධාන රජුවන රවි ග්‍රහයා 2012.04.13 දින මේෂ රාශියට පිවිසෙන ලදි. ජ්‍යොතිෂය අනුව රවි ග්‍රහයා රත් පැහැ ඇස් ඇති රන් ඔටුන්නක් හිස දරාගත් සුදු අශ්වයෙක් පිට නැගි රාජ කුමාරයෙකි.

රවි ග්‍රහයා මේෂ රාශිය වූ පළමුවන රාශි මණ්ඩලයෙන් ආරම්භ වන ගෝචර ගමනෙන් රටට ජාතියට සතුට සැපත වාසනාව සෞභාග්‍යය උදාවන්නේ යයි ප්‍රාර්ථනා කරන අතරම මේෂ රාශියේදි රවි, සඳු, කුජ, බුධ, ගුරු, සිකුරු, සෙනසුරු යන ඒ ඒ ග්‍රහයින් ජන්ම කේන්දරයේ දුබලව, පාපව, පීඩිතව පිහිටීමෙන් නොයෙක් අසනීප රෝගී තත්වයන් ඇතිවීම වැලක්විය නොහැක. ජන්මියෙකුගේ නිරෝගීභාවය පිලිබඳව ප්‍රධාන වශයෙන් රවි, සඳු යන ග්‍රහ දෙදෙනා විශාල වගකීමක් ඉටුකරයි. ඒ අතර කේන්දරයේ 06 වැන්නත්, 06 වැන්නේ පිහිටි ග්‍රහයින් සහ 06 වැන්නාධිපති පිහිටි ආකාරය අනුවත් රෝග කාරකයන් දැනගැනීම පහසුවෙයි.

ස්ත්‍රි කේන්දරයකදී රවි දුබලවීමට වඩා සඳු දුබලවීම අතිශයින්ම පීඩාකාරි දෙනු ඇත. මේෂ රාශිය දුබලවීමෙන් හිස මුල් කරගෙන සියළුම රෝගි තත්වයන්ද, සැපවත් නින්දට බාධාවෙන් නින්ද නොයෑම, ඇස්වල පෙනීමේ දුර්වලතාවයන්ද, දත්වල ආබාධයන්ද, ස්නායු නහර වේදනාවන්ද සමගින් මොළයට ලේ ගමන් කිරීමේ බාධාවෙන් ඇතිවන නොයෙක් රෝගී තත්වයන්ද, වකුගඩු වල ක්‍රියාකාරිත්වයේ ඇනහිටීම පමණක් නොව හිසේ තට්ටය පෑදීම, අකලට හිසකෙස් පැසීමද, උෂ්ණ දැවිලි රෝග, මොළයේ අසනීප, හදිසි ක්ලාන්තය, සිහි නැතිවීම, උෂ්ණාධියෙන් හටලන්නා සරම්ප, පැපොල් වැනි බෝවන රෝගයන්ද ඇති කිරීමට ඉඩ ඇති කරවයි. තවද හිසෙහි මෙන්ම මුහුණෙන් ද ලපකැළල් ඇති කරවා විරූපී තත්වයන්ටද ඉඩ ඇති කරවයි. එසේම පුහු අහංකාරත්වය, අධික කෝපය, පහත් අදහස් ඇතිවීම, අනුන් නොසැලකා හැරීම, ආත්මාර්ථකාමී අදහස්ද ඇතිකරවනු ඇත. විශේෂයෙන් අනියම් මරණ සහ සියදිවි අහිමිය ආදිය පිලිබඳව සැලකිලිමත් විය යුතුයි.

මේෂ රාශියේ දී රවි ග්‍රහයා දුබල වීමෙන් දැඩි ලෙස සිරුරේ උෂ්ණ රෝග ඇතිකරවයි. හිසේ සහ ඇස්වල ආබාධ ඇතිකරවයි. අධික කෝපය හේතුවෙන් ස්නායු අමාරුවද, පපුවේ අමාරුව ඇති කරනු ඇත. දකුණු පසෙහි ඇතිවන රෝගාබාධයන් බහුල කරනු ඇති අතර පුරුෂයන්ගේ දකුණු ඇසටද ස්ත්‍රීන්ගේ වම් ඇසටද පීඩා කරත්. හදිසි කෝපාකාරවු කතාව නිසා නැති කරදරද, සිහිමුලාවීමද ඇතිකර ගනියි.

මේෂ රාශියේ දි සඳු ග්‍රහයා දුබලවීමෙන් සිත දූෂිතවීමෙන් ඇති වෙන්නාවු රෝගයන්ද, පපුවේ සෙම, පපුවේ ඇදුම, උගුරේ සෙම, සෙම් ගෙඩි සහ සෙම ගලන රෝගයන්ද, උදර රෝග, පාචනය, නොයෙක් පණු රෝග, ක්ෂ්‍ය රෝග, පෙනහල්ලේ නොයෙක් ආබාධයන් ඇති කිරීමට සමත් වෙයි. අපස්මාරය, කුඩා දරුවන්ට වලිප්පුව, සන්නි රෝග, විවිධාකාරවු උමතු රෝගයන්ද, ඇගපත වෙව්ලීම, සිරුරේ අප්‍රාණික ගතිය, දණහිසේ වේදනාව, රාත්‍රියෙහි වැඩ කිරීමෙන් සහ අධික නිදි මැරීමෙන් නින්දට බාදා පමුණුවා ගැනීමෙන් ඇතිවෙන්නාවු රෝගයන්ද, ඉවසීම අඩුකම සහ අධික කල්පනාව හේතුවෙන්ද දියවැඩියාව වැනි කල්ගතවන අසනීප රෝගයන් ලඟ කර ගනියි.

මේෂ රාශියේ දී කුජ ග්‍රහයා දුබලවීමෙන් හදිසි අනතුරු අත වනයි. යමෙකුගේ මරණය කෙරෙහි ද කුජ විශේෂයෙන් බලපානු ඇත. දරුණු උෂ්ණ රෝග, ලේ දුෂ්‍යවීමෙන් ඇතිවන රෝගාබාධයන් ද, ශරීරයේ මිදුළු ඇට කෙරෙහි ද බලපාන අතර කෝළහාලයන්, අඩදබර, ලේ ගැලීම්, සිහි මද ගති හෝ සිහිවිකල් ගති, රහස් ප්‍රදේශ අවයවයන්, විසකුරු සත්වයන්ගෙන් ඇතිවන්නාවු විපත්, කරදර, හිසේ දරුණු වේදනාව, ඇස්වල සෙම හේතුවෙන් ඇතිවන රෝග බඩවැල්වල ආබාධ, ඉදිමුව, සිහියේ දුබලතා, අධික නිදිමැරීමෙන් ඇතිවෙන දුබලතා, හිසේ මුහුණේ ලප කැළල්, කැපුම් කෙටුම් සහ දීර්ඝකාළීනව විවේක ගතයුතු නොයෙක් රෝගයන්ද ඇති කරවයි.

මේෂ රාශියේ දී බුධ ග්‍රහයා දුබලවීමෙන් හිසෙහි ඇතිවන සාමාන්‍ය අසනීපයන්ද, හිරිවැටීම්ද, කොන්දේ අමාරුව සහ ස්ත්‍රින්ගේ ගර්භාෂයේ නොයෙක් ආසාදන, සැපවත් නින්දට බාධාවද පවතින අතර අසනීප කරදර ගැන සිතීමෙන් හෝ හදිසි බියවීම්, තැතිගැන්වීම්, අධික සිත් කණගාටු වේදනාවන් නිසා ස්නායු නහර පද්ධතියේ ක්‍රියාකාරිත්වයට බාධාවන් ඇතිවෙයි. තවද ක්ලාන්තය, හිසරදය, උමතු රෝගයන්ද, කතාවේ බල දුබලතාවයන්ද, සිහිබුද්ධියේ දුබලතාවයන්ද, කන් ඇසීමේ අඩුව, හිසෙහි බර ගතිය, සමාජයෙන් අපවාදයට ද අසුවීමේ ඉඩකඩ ද පවතියි.

මේෂ රාශියේදි ගුරු ග්‍රහයා දුබලවීමෙන් ශරීරයේ මේද ධාතුවට බලපාන ග්‍රහයා වන්නේ ද ගුරුයි. හිසේ ආබාධ, උගුරේ නොයෙක් ආසාදනයන්, උගුර ඉදිමුව, හිසේ සියුම් නහරවල ලේ ගමනයට බාධා තෙරපීම, සිහිනෙන් බියවීම, මනුෂ්‍ය උපද්‍රව, හිසේ වේදනා, ක්ලාන්තය, සෙම අධික වීම හේතුවෙන් සිරුර පමණ ඉක්මවා මහත්වීම, පෙනහල්ලේ අසනීප, විදුරු මස් දියවීම, දිය පිනස, සෙංගමාලය, රක්තවාතය, දියවැඩියාව වැනි කල් අල්ලන අසනීප, විවිධ කුෂ්ඨ රෝගයන්ට බලපාන ලබයි.

මේෂ රාශියේදි සිකුරු ග්‍රහයා දුබල වීමෙන් හිසෙහි තෙත ගතිය වැඩි වීමෙන් සෑදෙන රෝග, ශරීරයේ අප්‍රාණික ගති, වකුගඩු සහ තුනටියේ අමාරු, පපුවේ සෙම හේතුවෙන් සෙම් ගෙඩිද, දියවැඩියාව, සිරුර අධික ලෙස මහත්වීමටද, සිකුරු බලපානු ඇත. මුත්‍රා අමාරු, බෙල්ල මහත්වීම වැනි ආසාදන ඇති කරවයි.
මේෂ රාශියේ සෙනසුරු ග්‍රහයා දුබලවීමෙන් මොළය සීතල වීමෙන් ඇතිවන රෝග බාධාවන්, සෙම් කෝප, ආමාශගත හිරවීම, කන් බිහිරි වීම, දත් කැක්කුම, පීනස් අමාරු, ඕජස් උගුරට ගැලීමේ අමාරුවද, හිසට හදිසි අනතුරුදායක පීඩාවන්, පහරවල් ලැබීම්ද, දණහිස් අමාරු, දෙපා වේදනා, කකුලේ කැක්කුම ආදි රෝගයන් පෙන්වයි.

රාහු ග්‍රහයා මානසික රෝග පිළිබඳව දැඩි ලෙස බලපාන අතර කේතු ග්‍රහයා සම දූෂිත වීම් පිලිබඳවද, ජන්මියා එක්තැන් කරවන අංශභාග වැනි රෝගයන්ද, නැවත ඒව අතුරුදහන්වීම වැනි දෙයද පෙන්වනු ඇත.

Comments

Popular posts from this blog

ඔබගේ කේන්දරයේත් මෙම යෝග තියෙනවාද ? ඔබ නොදන්නා යෝග හඳුනා ගන්න.

01 . තිලෝචන යෝගය - රවි සඳු ගුරු යන ග්‍රහයින් එකිනෙකට එකිනෙකාගෙන් ත්‍රිකෝණව පිහිටිමයි විරුද්ධවාදීන් භීතියට පත් කරනු ඇත . ධන බලය මානසික තත්වය බුද්ධිය නිසා සතුරු බල සේනා පරාද කරවනු ඇත . නිරෝගියි . ධනවත් වෙනු ඇත . උදා : රවි 01 ගුරු 06 සදු 09 02 . ගෞරි යෝගය - 09 වැන්නාධිපතියා ප්‍රබලව ශක්තිමත්ව කේන්දරස්ථානයේ ත්‍රිකෝණව පිහිටිමයි . උපත වැදගත් පරිසරයකයි . ඉඩකඩම් දේපල සතුවෙයි . විවාහකරුගෙන් මිතුරන්ගෙන් ඥාතින්ගෙන් නිසි ගරුත්වය හිමි වෙයි . යහපත් දරුවන් සමාජයේ උසස් තැන හිමිකර ගනියි . 03.ධන යෝගය - කටක ලග්නයේ ලග්නාධිපතියා ලග්නයේ පිහිටා කුජ ගුරු සංයෝග වීමයි . නැත්නම් දැක්මයි . සඳු ගුරු ලග්නයේ කුජ 07 වැන්නේය . ධන යෝග නමින් වු මෙම ග්‍රහ සංයෝගයට ධනය සම්බන්ධ වෙයි . සිතන්න බැරිතරම් ධනයකට උරුමයකට හිමිකමක් ලැබෙනු ඇත . 04 . චමර යෝගය - ලග්නාධිපතියා කේන්දරස්ථානයක උච්චව සිටින අතර දී ගුරු ග්‍රහයාගේ දැක්මට අසුවීමයි . උගත් චතුර කථාවයි . කථිකත්වයට සහජ හැකියාවයි . ආගමික කරුණු පිලිබඳව දැනුමයි . ඒ පිලිබඳව ප්‍රසිද්ධියට පත්වෙයි . 05 . භාරතී යෝගය - 02 05 11 අධිපතියෝ 09වැන්නා...

නැකතෙන් කියැවෙන ස්ත්‍රියගේ ගති පැවතුම්

ජන්මියෙකු මෙලොව ඉපදෙන විට යම් නැකතකට අයත් වෙයි. නැකත් පන්තිය ගණනින් 27ක් වන අතර ඒ ඒ නැකත් අනුව ස්ත්‍රින්ගේ ගතිපැවතුම් සහ ක්‍රියා පිළිවෙත් ද එකිනෙකට වෙනස් වෙයි. කේන්දරයකට හෝ නැකතකට හෝ අයහපත් ගති අපල කියු පමණින්ම ඒ මතයේම නොසිට තමාගේ යහපත් ගති වැඩිදියුණු කර ගැනීමට හා පවතින හානි අවම කර ගැනිමට අපේ උගත් ස්ත්‍රියකට බුද්ධිය නුවණ ඇති අතර මේ ලබන්නාවු සිංහල අවුරුදු සමයේ දී ඔබගේ යම් යම් අඩු පාඩු ගති මගහරවා ගෙන ජීවිතය යහපත් ලෙස වැඩි දියුණු කර ගැනීමට අවස්ථාවක් මේ ලිපියෙන් ලැබෙනු ඇත. අස්විද නැකත අස්විද නැකතෙන් උපන් ස්ත්‍රිය ලස්සනයි. රන් ආභරණයට කැමැති යහපත් ප්‍රිය වචන කතා කරයි. ධනවත්ය. මාපිය උපකාර හිමි ඇය සැම දෙනා සමගින් සතුටින් සිටීමට උත්සාහ දරයි. පිරිසිඳුකම අගයන අතර දැහැමියි. විවාහයේදි සැමියාට දරුවන්ට මහත් ආදරය දක්වනු ඇත. අස්විද නැකතේ සංස්කෘත නාමය “ අශ්විනි ” වන අතර නැකතට අධිපති දේවතාවා “ අශ්විනි කුමාර ” නමින් හැදින්වෙයි. බෙරණ නැකත බෙරණ නැකතෙන් උපන් ස්ත්‍රිය ගේ සිත චංචලයි. දුෂිතයි. ධන හීනයි. අපිරිසිඳුයි. කළහයට නිතර කැමැත්ත දක්වයි. විවිධ රසවත් ආහාරයට කැමැතියි. අපහාස නින්දාව ලබයි. ...

නව නිවසක් සැදීමේදී උපදෙස්…….

අළුතෙන් නිවාසයක් තැනීමේ දී වාස්තු විද්‍යානුකුලව යම් යම් චාරිත්‍රයන් අනුගමනය කිරීමට අපට සිදුවෙයි . මෙම චාරිත්‍ර සිරිත් අද ඊයේ ආරම්භ වුවාක් නොව ඈත අතීතයේ සිටම පැවැත ආ බව ඉතිහාසය සාක්ෂි දරයි . නව නිවසක් තැනිමේ දි ප්‍රධානතම කාර්යය වන්නේ සුදුසු කාලයේ දි පමණක් නිවාස තැනීමයි . සෑම මාසයකම නැකත් සහ ශුභ කාලයන් තිබුන ද නිවාස කටයුතු ආරම්භ කළ නොහැක . සමහරෙක් මෙම චාරිත්‍ර සිරිත් නොතකා නිවාස සැදීමට ගොස් පසුව නිවාස සැදීම අත්හැර දමති , අත්තිවාරමට පමණක් සිමා වු නිවාස ද , අඩක් නිමකළ නිවාස ද , වල්බිහි ව අත්තිවාරම වැසෙන සේ ගස් කොලන් බිහි ව ඇති නිවාස ද මේ අතර වෙයි . මෙම දෝෂ ඇති නිවාස ආරම්භ දෝෂ යනුවෙන් වාස්තු විද්‍යාවේ හදුන්වයි . සුර්යයා මීන මිථුන කන්‍යා ධනු රාශිවල ගමන් කරනා කාළය කෝණ මාස යනුවෙන් හැදින්වෙයි . මෙම කාලයේ නිවාස ඉදිකිරිම් කටයුතු නොකරයි . යමෙක් මෙම කෝණ මාසයේ නිවාස වැඩ ආරම්භ කරයි ද , අතරමග ඇන හිටිනු ඇත . නිවසේ අය අසනිප විම , ණයවීම ණය ගෙවා ගැනීමට තිඛෙන නොහැකියාව , නිවාස සාදන කම්කරුවන් සේවකයින් වැඩට නොපැමිනීම ආදි හේතුන් අළුතෙන් සාදන නිවස ස්ථිරත්වයට පත්වීමට බාධා ඇති වෙයි . මීන ක...