වෘෂභ රාශිය ජන්මියාගේ මුහුණ, ඇස්, කන්, උගුර, බෙල්ල, උගුරු දණ්ඩේ ඉහළ කොටස, තල්ල, මොළයේ යටි පැත්ත, බෙල්ලෙහි සියුම් නහර, යටි හක්ක, තොල් පෙති, මුහුණට පහළ ප්‍රදේශයන්, සෙම් ගෙඩි ආහාර ගිලීමේ අපහසුතාවයන්, හුස්ම ගැනිමේ අපහසුතා, ස්වශන පද්ධතියේ බාධාවන්, ස්නායු ආබාධයන් කෙරෙහිද බලපානු ඇත. වෘෂභ රාශිය දුබලවීමෙන්, පාපවීමෙන් දිව, උගුරයන්හි පීඩාව ඇති කරනු ඇත. ලේ නහර ගමන් කිරීමේ දෝෂයන්ද, හිසේ, බෙල්ලේ සහ පපුවේ රෝගයන්ද, උගුරේ අමාරුව, පීනස, ඇඳුම, සෙම් ගෙඩි, ඇස් අමාරු, හෘද වස්තුවේ ආබාධ, මෙන්ම දියවැඩියාවද, අර්ශස් වැනි උෂ්ණාධික රෝගයන්ද, ඇති වෙත්. වියළි කැස්ස, ගෙළ පිළිකාව, ලේ සහ සෙම වැඩිකම හේතුවෙන් හටගන්නා අසනීපයන්ද, විශේෂයෙන්ම ඔපරේෂන් වැනි කටයුතු වලදී ප්‍රවේශම් විය යුතුවෙයි. වෘෂභ රාශියේ රවි ග්‍රහයා දුබලවීමෙන් උගුර වණවීම, බෙල්ල ඉදිමුව, දණහිස් ඉදිමුව සමගින් නහර වේදනා ඇති කරවයි. සිහි නැතිවීම, වලිප්පුව, මොළයේ නහර සහ ස්නායු පද්ධතියේ ක්‍රියාකාරිත්වයට බාධ ඇතිවෙනු ඇත. වෘෂභ රාශියේ සඳු ග්‍රහයා දුබල වීමෙන් දෙපා කැක්කුම සමගින් ඉදිමුවද බලපානු ඇත. උගුරේ අමාරු පීඩාවන්ද, උගුරේ වණවීමද ඇති වෙයි. වෘෂභ...