මේෂ ලග්නය ඔබේ ලග්නයට මෙම මාසය ඉතාම සුබයි. රවි, බුධ, ගුරු ලග්නගතව සහ කුජ ත්‍රිකෝණව පිහිටි හේතුවෙන් කරන කියන කටයුතු බොහොමයක් සාර්ථක වෙනු ඇත. සම්මුඛ පරීක්ෂණ, විභාග, තරඟ ආදියෙන් ජය හිමිවෙයි. ඉගෙනුම කටයුතු තුලින්ද ජයහිමියි. ව්‍යාපාර සහ ස්වයං රැකියාවන්ගෙන් ආදාyaම ඉහල යනු ඇත. සමාජ ගරුත්වය හිමිවන අතර පවුලේ සතුට හිමි මාසයකි. ඇසුරු කරන අයගෙන්ද කරදර නොවන අතර ආදර ප්‍රේම සබඳතා යහපත් විදෙස් ගමන් සුබපල දෙනු ඇත. වෘෂභ ලග්නය ඔබේ ලග්නයට මෙම මාසය සිකුරු ලග්නගතව සහ 09 වැන්නාධිපති 06 වැන්නේ ගෝචරය වීම සුබපල මිශ්‍රව ඵල උදාවන අතර උත්සාහයේ තරමට ඵල දෙනු ඇත. සම්මුඛ පරීක්ෂණ විභාග තරඟ ආදියෙන් ජය හිමිවෙයි. නමුත් වැය පස ඉහළයනු ඇත. හවුල් කටයුතු ප්‍රවේශමෙන් නිසි අවබෝධයෙන් කිරීමෙන් අලාභ, හානි අවම කර ගත හැකිවෙනු ඇත. 07වැන්නේ සඳු රාහුට කේතුගේ දැක්ම හේතුවෙන් ආදර කටයුතු වලදී ඉතාම ප්‍රවේශම් වන්න. නැත්නම් වෙන්වීම් සමගින් චිත්ත පීඩා ඇතිවෙනු ඇත. මිථුන ලග්නය ඔබේ ලග්නයට මෙම මාසය ලග්නාධිපති බුද සමග ගුරු 11 වැන්නේ පිහිටීම ඉතාම සුබයි. කරන කියනා කටයුතු සාර්ථක වෙයි. ඉගෙනුමට පැවැති බාධා අවහිර ඉවත්වෙයි. නිදහසේ රැකියා කටයුතු ක...