ජන්මියෙකු මෙලොව ඉපදෙන විට යම් නැකතකට අයත් වෙයි. නැකත් පන්තිය ගණනින් 27ක් වන අතර ඒ ඒ නැකත් අනුව ස්ත්‍රින්ගේ ගතිපැවතුම් සහ ක්‍රියා පිළිවෙත් ද එකිනෙකට වෙනස් වෙයි. කේන්දරයකට හෝ නැකතකට හෝ අයහපත් ගති අපල කියු පමණින්ම ඒ මතයේම නොසිට තමාගේ යහපත් ගති වැඩිදියුණු කර ගැනීමට හා පවතින හානි අවම කර ගැනිමට අපේ උගත් ස්ත්‍රියකට බුද්ධිය නුවණ ඇති අතර මේ ලබන්නාවු සිංහල අවුරුදු සමයේ දී ඔබගේ යම් යම් අඩු පාඩු ගති මගහරවා ගෙන ජීවිතය යහපත් ලෙස වැඩි දියුණු කර ගැනීමට අවස්ථාවක් මේ ලිපියෙන් ලැබෙනු ඇත. අස්විද නැකත අස්විද නැකතෙන් උපන් ස්ත්‍රිය ලස්සනයි. රන් ආභරණයට කැමැති යහපත් ප්‍රිය වචන කතා කරයි. ධනවත්ය. මාපිය උපකාර හිමි ඇය සැම දෙනා සමගින් සතුටින් සිටීමට උත්සාහ දරයි. පිරිසිඳුකම අගයන අතර දැහැමියි. විවාහයේදි සැමියාට දරුවන්ට මහත් ආදරය දක්වනු ඇත. අස්විද නැකතේ සංස්කෘත නාමය “ අශ්විනි ” වන අතර නැකතට අධිපති දේවතාවා “ අශ්විනි කුමාර ” නමින් හැදින්වෙයි. බෙරණ නැකත බෙරණ නැකතෙන් උපන් ස්ත්‍රිය ගේ සිත චංචලයි. දුෂිතයි. ධන හීනයි. අපිරිසිඳුයි. කළහයට නිතර කැමැත්ත දක්වයි. විවිධ රසවත් ආහාරයට කැමැතියි. අපහාස නින්දාව ලබයි. ...
Comments
Post a Comment